මෙඩූසා නුඹේ ඇස්…

මෙඩූසා නුඹේ ඇස්…

කේ.ඩී. දර්ශන

පෘථිවි පෘෂ්ඨය විද
හරය තෙක් ගැඹුරට
කිමිද ලෝදිය මත
එදියෙන් දැවී නැහැවී

පවුර බිඳ නැගෙන අයුරූ
ගිනියමේ වේදනා පුපුරූ
එදිය මත මසිත වැපුරූ
නෙත් කොහිද කළ මා සිදුරූ

මෙඩූසා නුඹේ ඇස්
පොළොව ගැඹුරෙන් ගෙනා ලෝදිය
කලත අඹරා රැගෙන දෝතට
දමා ගැසුවා මගේ මූණට

මෙඩූසා නුඹේ ඇස්
හදේ ගැඹුරට කනින යවුලකි
පවුරු පදනම් බිඳින සැරයකි
උමතු කරනා මගේ විජිතය

මෙඩූසා නුඹේ ඇස්
පේන මානෙන් රැඳෙන කිරණකි
ගැටෙන ඇස් ඇහැරවන පොකුණකි
ඉවත බැලුවත් මැකී නොයනා

මෙඩූසා නුඹේ ඇස්
සේ උවිඳා කළඹන විට කිරි සයුර
ඒ සැනිනා නැගියේ හද ගොස පවුර

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *