ආදරයේ දර්ශනය – Love’s Philosophy

ආදරයේ දර්ශනය – Love’s Philosophy

PERCY BYSSHE SHELLEY – Love’s Philosophy
පරිවර්තනය – දර්ශන අශෝක කුමාර

දිය උල්පත් මුසු වේවි ගංගාව සමඟ
එ’ගඟ වැළඳ ගති සාගරය
ස්වර්ගයෙන් හමන්නා වූ සුළඟ
ගැටෙයි මිහිරිතම හැඟුම් අතර

මෙලොව කිසිවක් නොවේ තනිව ම
දිව්‍යමය නීතියකින් බැඳී ඇත්තේය
සියලු ලෝ දහම

බලන්න උස් කඳු මුදුන් අහස සිපගන්නා’යුරු
රළින් රළ වැළඳ ගන්නා’යුරු
පිළිකුල් කරත් නම් පිරිමි මලක්
වෙත් ද සමාවක් ගැහැනු මලකට ?

හිරු එළිය බඳා වැලඳ ගනී මහපොළොව
සඳ කිරණ මුහුද සිප ගනී
මෙය වේ සොබා දමෙහි
මිහිරිතම සිත්තම

ඔබෙන් නොලදොත් හාදුවක්
මේ සියලු දේ නම් කුමට?

සිතුවම – William Holman Huntගේ The Hireling Shepherd (1851) සිතුවම
(උපුටාගැනීම -අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *