අද මුළු සමාජයම ඡායාරූප ශිල්පීන්… -අශෝක හඳගම-

අද මුළු  සමාජයම ඡායාරූප ශිල්පීන්… -අශෝක හඳගම-

අශෝක හඳගම

‘හෑගොඩ සේයා ශිල්ප නිකේතනය අධ්‍යාපන කටයුතුවලින් සමුගනී’ මැයෙන් වූ සමුගැනීමේ උළෙල, මහවැලි කේන්ද්‍රයේ දී  විශාල  රසවතුන් පිරිසකගේ  සහභාගිත්වයෙන්  පැවැත්වුණා.  මේ උළෙලට සහභාගී වන්නට මටද  ඇරයුම්පතක් ලැබී තිබුණා.  එහෙත් නොවැළැක්විය හැකි තත්ත්වයක් නිසා මට සහභාගි වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ පිළිබඳ තවමත් මා පසුතැවිලි වනවා.

ලාල්  හෑගොඩ  විශිෂ්ට කවියෙක්. ඔහුගේ කවි බස  ඉතා  මටසිලිටු යි. ස්වභාවික දසුන් හරහා මවන කවි සංකල්පනා ඉතා දාර්ශනිකයි.  ජීවිතය පිළිබඳ බොහෝ දේ අපට අඟවනු ලබයි.  

ඒ වගේම  ඔහු ආලෝකයෙන් කවි ලියන්නෙක්.  ඔහුගේ නිශ්චල ඡායාරූප  සියුම් කවි පද වගේ.සියුම් කවියක් හිත කම්පනය කරවන තරම් ම  ඔහුගේ ඡායා  ඡායාරූපයකුත් සිත සලිත කරනවා.

හෑගොඩ සේයා ශිල්ප නිකේතනය අධ්‍යාපන කටයුතුවලින් සමු ගන්නවා කියන්නේ එක්තරා යුගයක  නිමාව සනිටුහන් කරනවා කියන එකයි.

කැමරා ෆෝන් එක  හැමෝම අත දරන අද මුළු  සමාජයම ඡායාරූප ශිල්පීන්. කිසිවෙකුගෙන් කිසිවක් ඉගෙන ගන්න  අවශ්‍යතාවක් නෑ. හැමෝටම අවශ්‍ය කියා දෙන්නයි.

ගඟක් වගේ ඉදිරියට යන ලෝකය දිහා ගං ඉවුරට වී අපි බලා සිටිමු!

Photograph: Lovers by Lal Hegoda.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *