සිංහල භාෂාවෙන් පළවෙමින් තිබෙන පොත් කන්ද ඇත්තට ම වටිනව ද? (ආචාර්ය දර්ශන අශෝක කුමාර)

සිංහල භාෂාවෙන් පළවෙමින් තිබෙන පොත් කන්ද ඇත්තට ම වටිනව ද? (ආචාර්ය දර්ශන අශෝක කුමාර)

ආචාර්ය දර්ශන අශෝක කුමාර

පොත් ප්‍රදර්ශනය සමග මේ දිනවල කියවෙන දෙයක් තමයි අනේ පොත් ගන්න සල්ලි නෑනේ කියන එක.

ඇත්තට ම මේ පොත් ගන්න එකේ තේරුම මොකක්ද? ‌මේ මහා පරිමාණයෙන් මුද්‍රණය වන පොත් කන්ද කවුද ඇත්තට ම කියවන්නේ.

මේ අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයෙන් ගෙනියන ‌පොත් ප්‍රදර්ශනයෙන් ගෙනියන ඒවා ලබන අවුරුද්ද වෙනකම් තියෙනවා. ඇතැම් විට පොත් මිලදී ගැනීම් කරන්නේ යාලු මිත්‍රකම්වලට.

සිංහල භාෂාවෙන් පළ වෙමින් තිබෙන පොත් කන්ද ඇත්තට ම වටිනව ද?

බොහෝ ‌පොත් අවුරුද්දක් දෙකක් යන කොට අමතක වෙලා යනවා. ඇතැම් පොත් පිළිබඳ හදන ජනප්‍රියත්වය කල්ලිවාද මත නිර්මාණය වන කෘතිම ඒවා.

ඉතා කලාතුරකින් අවුරුද්දට ම අතේ ඇගිලි ගානට අඩුවෙන් තමයි හොද සිංහල පොත් පිට වන්නේ.

මේ නිසා ම ඉතා වැදගත් පොතක් හැරුණු විට සිංහලෙන් පොත් කියවීම මම සම්පූර්ණයෙන් ම පාහේ අත ඇරලා දාලා තියෙන්නේ.

ඇත්තටම ඉංග්‍රීසියෙන් කියවීම කරන්න කියන උපදෙස මට ලැබුණේ මීට අවුරුදු 25කට පමණ උඩදි ආචාර්ය නන්දන කරුණානායකගෙන්.

ඒ උපදෙස දෙන වෙලාවේ ඔහුගේ මුහුණේ තිබුණු ඉරියව්වත් මැවිලා පේනවා.

මම හිතන්නේ ලංකාවේ මිනිස්සු හිමින් හිමින් හරි ඉංග්‍රීසි පොත් කියවන්න ගත්තොත් මහ විශාල වෙනසක් වෙයි කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *