මම ඔබේ නිසල බවට ආශක්තමි – [පැබ්ලෝ නෙරූඩා]

මම ඔබේ නිසල බවට ආශක්තමි – [පැබ්ලෝ නෙරූඩා]

I Like You to be Still – Pablo Neruda
පරිවර්තනය – කල්ප රාජපක්ෂ

මම ඔබේ නිසල බවට ආශාක්තමි
ඔබ මෙහි නොසිටින නමුත්
ඔබට මාව මේ ඇසෙන්නේ දුරින් උවත්
මගේ කටහඬ ඔබ ස්පර්ශ නොකරතත්
ඔබේ දෑස ඉවතට ඉගිල ගිය බවක් දැනෙයි
හාදුවකින් ඔබේ මුව මුද්‍රා තබා ඇති බවක් දැනෙයි
සියල්ල මගේ ප්‍රාණයෙන් 
තෘප්තිමත්ව ඇති බවක් දැනෙයි

සියල්ලෙන් නැගෙන ඔබ
මගේ ප්‍රාණයෙන් මුසපත්ව සිටී
ඔබ මගේ ප්‍රාණසම බවක් මට දැනෙයි
ඔබ සිහින සමනළියක් නමුත් 
මෙලැන්කෝලියාව හැර වෙන වදනකින්
මට ඔබව සම්පුර්ණයෙන් ඇමතිය නොහැකියි

මම ඔබේ නිසල බවට ආශාක්තමි  
ඔබ සිටිනුයේ බොහෝ දුරිනි
ඔබ විලාප නගන මුත්
මට ඇසෙන්නේ සමනළියක් පරවියෙකු මෙන් සුසුම්ලනවා පමණි
තවද ඔබට මා ඇසෙන්නේත් බොහෝ දුර සිට,
මගේ කටහඬ ඔබ ස්පර්ශ නොකරයි
මට ඔබේ නිහඬබව තුළ නිසලවන්න දෙන්න
තවද ඔබේ නිහඬ බවින් 
ඔබව අමතන්න මට ඉඩ දෙන්න
ඒ ඇමතුම පහනක් මෙන් දීප්තිමත්
මුදුවක් මෙන් නිරාකූලයි
ඔබ රාත්‍රිය වැනිය
එහි නිසල බව සහ තාරකා රාශි සමග
ඔබේ නිහඬ බව තාරුකාවකි
දුර උවත් නොසඟවන

මම ඔබේ නිසල බවට ආශාක්තමි
ඔබ මෙහි නොසිටින නමුත්
දුර සහ ශෝකය එකිනෙක වෙලී
ඉතින්, ඔබ මියැදෙන්න තිබුණා
එනිසා, එක් වදනක්, එක සිනහවක් උවත් සෑහෙයි
මම තෘප්තියෙන්,
එය සත්‍යයක් නොවීම ගැන තෘප්තියෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *