බුද්ධිමය දේපළ අයිතිය සහ කලාව ගැන කරුණු 3ක්

බුද්ධිමය දේපළ අයිතිය සහ කලාව ගැන කරුණු 3ක්

ප්‍රගීත් අලුත්වත්ත

මොනාලිසා දැක්කම සැල්වදෝර් ඩාලිට සංකල්පයක් පහළ වෙනවා තමන්ගේම උඩු රැවුල මොනාලිසාට තියන්න. දැන් උඩු රැවුල සහිත මොනාලිසා කියන්නෙ ඩාවින්චිගෙ මොනාලිසා නෙවෙයි. ඇන්ගනි නාට්‍ය කියෙව්වම ඇමරිකානු නාට්‍ය කරුවෙකුට හිතෙනවා ‘ඇන්ටිගනි ඉන් නිව්යෝක්’ කියල නාට්‍යයක් හදන්න. දැන් මේ නාට්‍යය යුරිෆිඩීස්ගෙ නාට්‍යය නෙවෙයි.

1. එක

බුද්ධිමය දේපළ පණත් සම්බන්ධයෙන් ආපු ප්‍රධාන විවේචනයක් වෙන්නෙ “ඒ මගින් දැනුම බෙදා හැරීමට සීමාවන් පැනවෙනවා” ය කියන කාරණය. මේක ඇස්පනාපිටම පේන ඇත්තක්නෙ.
බුද්ධිමය දේපළ හරියටම ආරක්ෂා කළොත් අද බොහෝ දෙනා අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගෙන කියවන පී.ඩී.එෆ්. පොත් සහ සමහර සොෆ්ට්වෙයාර් භාවිතය කිරීම අඩුආදායම් ලාභීන්ට සිහිනයක් විතරක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සමහර චිත්‍රපට බැලීම, ගීත ඇසීම වගේම ගීත ගැයීමත් සීමා කරන්න සිදු වෙනවා.

මේ නිසා “සාධාරණ භාවිතය” කියන අර්ථකථනය මගින් බුද්ධිමය දේපළ අයිතිය  ලිහිල් කරලා තියෙනවා. අධ්‍යාපනික අවශ්‍යතා සඳහා පොත් පත් පිටපත් කිරීම වගේම වානිජමය නොවන අවස්ථාවල දී විනෝදාස්වාදය සඳහා ගීත සහ කලා කෘති පරිහරණය කිරීමට සාධාරණ භාවිතය යටතේ මුක්තිය හිමි වෙනවා.

බුද්ධිමය දේපළ අයිතිය මේ විදිහට ලිහිල් කරන්නෙ “සියලුම මානව දැනුම මිනිස් වර්ගයාගේ යහපත සඳහා යොදාගත යුතුය.” කියන ඔගූස්ත් කුම්තේගේ විග්‍රහය පදනම් කරගගෙන.

2. දෙක

බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් තවත් විවේචනයක් තියෙනවා. ඒක මාක්ස්වාදී අර්ථයෙන් ගත්තම “පෞද්ගලික දේපළ ක්‍රමය” සම්බන්ධ විවේචනයේම දිගුවක්.

සමාජයක දැනුම නිෂ්පාදනය කරන්න වියදම් කරන ශ්‍රමය සහ ධනය මහජනයාගේ පොදු දේපළ . උදාහරණයක් විදිහට පුද්ගලයෙක් පාසැලේ දි සහ විශ්වවිද්‍යාලයේ දි ඉගෙන ගන්නෙ මහජන බදු මුදල්වලින් නම්, ඒ පුද්ගලයා ඉගෙන ගන්න පොදු දේපළ සහ නොමිලේ ලැබෙන දැනුම පාවිච්චි කර තියෙනවා නම් ඔහුගේ කලා නිෂ්පාදන සම්පූර්ණයෙන්ම ඔහුගේ පෞද්ගලික අයිතියක් නෙවෙයි කියන තර්කය මෙතනදි මතු කරනවා.

(ලංකාවෙ වැඩවසම් පසුගාමී විචාරකයො තාම අප්ඩේට් නැති වුණාට කලා නිර්මාණ කියා  ජාතියක් තිබෙන බව දැන් ලෝකයේ පිළිගන්නෙ නෑ. කලා නිෂ්පාදන කියලයි දැන් ඒවට කියන්නෙ.)

3. තුන

භෞතික දේපළ අයිතිය වගේ ලේසියෙන් බුද්ධිමය දේපළ ඉරක් ඇඳලා වෙන් කරන්න, අර්ථකථනය කරන්න අමාරුයි. මෙහිදී සැකයේ වාසිය අනෙක් පාර්ශවයට ලැබෙන විදිහටයි නීති හදන්නෙ.

උදාහරණයක් විදිහට චිත්‍රයක, ඡායාරූපයක, හෝ වෙනත් කලා කෘතියක අයිතිය එහි කර්තෘට  තිබුණත්, ඒ කලා කෘතිය ඇසුරින් වෙනත් කෙනෙක් වෙනත් නිර්මාණයක් කළාම ඒක වෙනම කෘතියක් ලෙස පිළිගන්නවා. ඒකට හේතුව “සංකල්පය (කන්සෙප්ට්) කියන බුද්ධිමය දේපළ කලාකරුවකුට පහළ වෙන්නෙ වෙනත් කලාකරුවකුගේ වෙනත් සංකල්පයක් එක්ක ගැටීම නිසා”ය කියන පදනමින්.

උදාහරණයක් විදිහට මොනාලිසා දැක්කම සැල්වදෝර් ඩාලිට සංකල්පයක් පහළ වෙනවා තමන්ගේම උඩු රැවුල මොනාලිසාට තියන්න. දැන් උඩු රැවුල සහිත මොනාලිසා කියන්නෙ ඩාවින්චිගෙ මොනාලිසා නෙවෙයි. ඇන්ගනි නාට්‍ය කියෙව්වම ඇමරිකානු නාට්‍ය කරුවෙකුට හිතෙනවා ‘ඇන්ටිගනි ඉන් නිව්යෝක්’ කියල නාට්‍යයක් හදන්න. දැන් මේ නාට්‍යය යුරිෆිඩීස්ගෙ නාට්‍යය නෙවෙයි.

“මුල් කෘතිය කර්තෘ අවසරයෙන් තොරව විකෘති කරන එක සදාචාර විරෝධී නැද්ද ?” කියල අහන්න එපා දැන්. සැල්වදෝර් ඩාලි ලූවර් කෞතුකාගාරයේ තියෙන මොනාලිසාට රැවුලක් තිබ්බෙ නෑ. නිව්යෝක් නාට්‍යකරුවා යුරිෆිඩීස්ගෙ මුල් අත් පිටපත වෙනස් කළේ නෑ.

මෙතන වෙලා තියෙන්නෙ “කොපි රයිට් ලෝ” කියන ඉංග්‍රීසි යෙදුම “බුද්ධිමය දේපළ නීතිය” කියල සිංහලට පරිවර්තනය කරගෙන විකාර නැටිල්ලක්. කොපි රයිට් කියන්නෙ පිටපත් කිරීමේ අයිතිය. ඒකත් සාධාරණ භාවිතය යන පදනමින් පිටපත් කරන්න පුලුවන්.

(ප්‍රගීත් අලුත්වත්ත සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබූ අදහසකින් උපුටා ගන්නා ලදී. ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

1 Comment

Avarage Rating:
  • 0 / 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *