සංසාරය වගෙයි

සංසාරය වගෙයි

සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

සොයා සොයා විත්
නොමළ ගෙයකින් අබ,
මළ බව දැන හඬා
හිත හදාගත්තා විතරයි

‘යළි ඉපදුනෙමි
මේ අවසන් උපතයි’
ඔබ ආයෙ ආයෙත් කියයි

නික්මෙයි
අබිනික්මන් නොකරයි
ආයෙ ආයෙත් පැමිණෙයි

සංසාරය වගෙයි
මිය යයි
යළි ඉපදෙයි
මිය යයි. ඉපදෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *