...

විෂ්ණුට…!

විෂ්ණුට…!

කාංචනා ප්‍රියකාන්ත

මවනවාටත් වැඩියෙන් 
විනාශයටත් කලියෙන් 
අමාරුම 
රැකගන්න එක නේද 
විෂ්ණු ….

අපහසුම දේ පැවරුණු 
දශාවතාරව ශතකාවතාරව 
මේ මහා බිම මතින් 
කුරුසියක් කරතියන් 
මැසිවිල්ලකින් තොරව 
නුඹ සටන් කරනවා 
මට පෙනෙයි 
විෂ්ණු …..

මේ සටන කාටද 
මේ සටන කොහෙටද 
සෙතක් සැලසෙයිද
මම දන්නේ නැහැ 
විෂ්ණු …

නුඹ සටන් කරනයුරු 
දරාගත නොහැකි මුදු 
නොදැක්කා සේ හිඳිමි 
නෙත විවරකළොත් 
මම 
නුඹ පරාදයි 
විෂ්ණු..

මේ සටන නවතන්න 
නෙත විවර කරන්නැයි 
නුඹ මගෙන් ඉල්ලන්න …
සියල්ලම 
අලුතෙන්ම 
පටන් ගමු 
විෂ්ණු…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.