පැරදවිය නොහැකි ඒ වදන් පෙළ

පැරදවිය නොහැකි ඒ වදන් පෙළ

පැරදවිය නොහැකි ඒ වදන් පෙළ 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (The Unconquerable Inscription)  
පරිවර්තනය – කල්ප රාජපක්ෂ

ඒ මහා සංග්‍රාම කාලයේ 
ඉතාලියේ  සැන් කාලෝහි බන්ධනාගාර සිර මැදිරියක් 
සිරගත වූ බොහෝ සෙබළුන්,
බේබද්දන් සහ සොරුන්ගෙන් පිරී තිබුණි 
ඒ අතුරින් එක් සමාජවාදී සෙබලෙක්,
නොමැකෙන පැන්සලකින්,
සෙල්එකේ බිත්තිය මත 
කුරුටු ගෑවා මෙලෙස. 
“ලෙනින් දිගුකල් දිනේවා!”

බිත්තියේ ඉහළට වන්නට,
ලොකු අකුරෙන් ලියූ ඒ වැකිය,
සිර කුටියේ අඩ අඳුරින්
දැකිය හැක්කේත් ඉතා යන්තමින් 
එදුටු මුරකාරයෝ
වහා වහා පින්තාරුකරුවෙක් එව්වා
හුනු බාල්දියක් සමග සිර මැදිරියට
කෙඳි දිග බුරුසුවකින්
ඔහු හුනු අතුල්ලා මකා දැමුවා
ඒ තර්ජනාත්මක වදන් පෙළ
කෙසේ වෙතත්, ඔහුගේ බුරුසු පහර
ඒ අකුරු මත එහෙමෙහේ ගියා පමණයි
දැන් සිර කුටියේ ඉස්මත්තට වෙන්න,
චෝක්වලින් කලින් අකුරුම
“ලෙනින් දිගුකල් දිනේවා!” 

ඊළගට, 
තවත් පින්තාරුකරුවෙක් පැමිණ
මහත බුරුසු පහරවලින් සම්පූර්ණ බිත්තියම වසා දැමුවා 
එබැවින්, පැය ගණනක් යනතුරු
ඒ අකුරු තීන්ත තුළ නොපෙනී ගියා
නමුත්, අලුයම උදා වෙත්ම
හුනු පහරවල් වියළි ගොස් යටගිය අකුරු මතුවුණා
“ලෙනින් දිගුකල් දිනේවා!”

ඉන්පසු සිරපල්ලා ගෙවල් බඳින්නෙකු ගෙන්වා
ගල් කටුවකින් ඒ අකුරු හූරා දමන්නට අණකළා
පැයක් පමණ අකුරෙන් අකුර ඔහු හූරා දැමුවා 
ඔහුගේ වැඩය අවසන් වූ විට,
පැහැයක් නොමැතිව,
නමුත් වෙන කිසිඳු මොහොතකට වඩා ගැඹුරින්, 
බිත්තිය ඉස්මත්තේ
ඒ පැරදවිය නොහැකි අකුරු පෙළ නැවත දිස් වූවා 
“ලෙනින් දිගුකල් දිනේවා!” 

සෙබලා කීවා,
“දැන් පෙරළපල්ලා මේ බිත්තිය!” 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලෙනින්ට ලියූ 
The Unconquerable Inscription හි සිංහල පරිවර්තනය 
කල්ප රාජපක්ෂ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *