රාජ්‍යය බලය සහ පක්ෂ බලය‌ (අතුලසිරි සමරකෝන්)

රාජ්‍යය බලය සහ පක්ෂ බලය‌ (අතුලසිරි සමරකෝන්)

ආචාර්ය අතුලසිරි සමරකෝන්

මෙරට වාමාංශික පක්ෂ ඉතා භයානක ලෙස අභ්‍යන්තරික ආගමික වාදයකට හුරුවී වන්දනීය නායකත්වයක් වටා ගොනුවී පරම සත්‍යයක‌ පැවැත්ම සදහා වන විඤ්ඤාණවාදයකට‌ තම භාවිතාව කැප කර ඇත.

ජාත්‍යන්තරවම වමේ පක්ෂවල‌ මූලික ආකෘතිය මධ්‍යයගත භාවයයි. වමට එකතු කරගන්නේ එය අදහන පිරිසක්‌ පමණි. නමුත් එම ඇදහීම වම ඇදහීමකට වඩා ප්‍රායෝගිකව නායකයා ඇදහීමක් බවට පත්වෙයි. ස්ටාලින්, කැස්ත්‍රෝ, විජේවීර… ආදි කූමන චරිතයක් ගත්තත් එම නායකයන් සුරුවමක් බවට පත්වීමත් වම දෙසට නොව ඇදහිල්ල ඔවුන් දෙසට යොමුව තීබූ බවත් දැකිය හැක. එම නිසා ජීවිත කාලය පුරාම පක්ෂ නායකත්වය රැක‌ගැනීමේ අරගලය සමග ඔවුන්ගේ දේශපාලනය සාපේක්ෂ විය.

ප්‍රජාන්ත්‍රවාදී ආණ්ඩු පවතින‌ රටවල වම බොහෝවිට බලය‌ ලබා ගැනීමේ මැතිවරණ සටන්වලදී දක්ෂණාංශයට‌ පරදින්නේ එම පක්ෂ සතු මෙම මධ්‍යයගත ආකෘතිය නිසා ඇතිවන‌ ගතිකයන් නිසා බව ද සිතිය හැක. මන්ද නායකත්වය වෙනස් නොවන නිසා එයට අභ්‍යයන්තර ප්‍රජාතන්ත්‍රවාදී තරගයක් දියත් කොට පලක් නැත. විජේවීර අබිබැවීමට සිතූ සියලු‌ දෙනා ජවිපෙන් ඉවත් කෙරී ඇත.‌ ඔවුන් ඓතිහාසික භ්‍රෂ්ටයන් වී ඇත.

වම තුළ පවතින මෙම දැඩි ඒකාකෘතික ස්වභාවයම‌ ප්‍රජාතන්ත්‍රවාදයට එය නුසුදුස්සෙක් කරයි. නමුත් සමහරවිට අදවන විට යුරෝපීය වම එම තත්වයෙන් මිදී බොහෝදුරට ලිබරල් පක්ෂ ආකෘතියට ආසන්නවී ඇත. ජෙරමි කෝබින් වැනි අය මැතිවරණ පරාජය වූ විට ඉල්ලා අස්වී ඇත. නමුත් මෙරට වාමාංශික පක්ෂ ඉතා භයානක ලෙස අභ්‍යන්තරික ආගමික වාදයකට හුරුවී වන්දනීය නායකත්වයක් වටා ගොනුවී පරම සත්‍යයක‌ පැවැත්ම සදහා වන විඤ්ඤාණවාදයකට‌ තම භාවිතාව කැප කර ඇත. එය වඩාත්ම ගැඹූරින්ම බලන කළ මෙම යුගයේ පවතින ගෝලීය නිදහස්වාදී අධ්‍යාත්මයට සමපාත නොවන අතීත පරිශුද්ධතාවය පිළිබද තත්වයකි.

නමුත් මේ මොහොතේ ලංකාවේ ජවිපෙ සමහරවිට තම සම්ප්‍රදායික භාවිතාව අනුව හැඩගැසුන ආකෘතිය එලෙසම පවතිද්දී, පද්ධතිමය වෙනසකට ජනතාව පෙළගස්වමින් සිටීම පැරඩොක්සයක් විය නොහැකිද?

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *