Pirates of the Caribbean චිත්‍රපටයේ ආභාසය ලබා කළ විලාසිතා උරගාබැලීමක්….. (I කොටස)

Pirates of the Caribbean චිත්‍රපටයේ ආභාසය ලබා කළ විලාසිතා උරගාබැලීමක්….. (I කොටස)

කථිකාචාර්ය ටෙරෝෂනී දහනායක

Pirates of the Caribbean’ චිත්‍රපටයේ ආභාසය ලබා කළ පර්‍යේණාත්මක ඇදුම් මෝස්තර ප්‍රදර්ශනයක් රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුවියකගෙන්….

රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ මෝස්තර නිර්මාණ අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබන රුවන්දි විජේවර්ධනගෙන්, Pirates of the Caribbean ඇමෙරිකානු Fantasy චිත්‍රපට මාලාවේ ආභාශය ලබා, එහි විසංයෝජන එකතුවකින් ( Deconstruction Collecion ) Alexander McQueen Brand වෙත නව ලෙදර් ඇදුම් පෙළක් ඉදිරිපත් වුණා.

පසුගියදා කොළඹදී පැවැත්වුණු Fashion design Exhibition හිදී ඇය අපට හමු වෙනවා. මෙම පර්‍යේණාත්මක ඇදුම් මෝස්තර ජාතික මට්ටමින් ඇගයිය යුත්තක්…

සමුද්‍ර මංකොල්ලකෑම්වල ස්වර්ණමය යුගය (The golden age of Piracy) විදියට උතුරු අත්ලන්තික් සහ ඉන්දියන් සාගරවල ඉතිහාසයෙහි සැලකෙන්නේ 1650-1730 කාල පරිච්ඡේදයයි. ජැමෙයිකාවේ හුන් ප්‍රංශ නාවිකයන් විසින් ස්පාඤ්ඤ යටත් විජිතවලට පහරදීම සහ කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ නැව්ගත කිරීම මෙහි මූලික සංසිද්ධියක් විදියට සැලකෙනවා. මෙම කතා තේමාව American Fantasy film එකක් ආකාරයට නිර්මාණය වුණු චිත්‍රපටය Pirates of the Caribbean.

මේ සඳහා නිර්මාණය වුණු ඇදුම්-ආයිත්තම් සියල්ල එහි Costume & Wardrobe ශිල්පීන් විසින් සකසනු ලැබුවා. රුවන්දිට මෙම කතාබහ සම්බන්ධ වෙන්නේ, ඇගේ අවසන් වසර මෝස්තර නිර්මාණය ව්‍යාපෘතිය සඳහා එක්සත් රාජධානියේ වෙළදපොළ (UK Market) ඇසුරින් කරන පර්‍යේෂණයක් නිසාවෙනුයි.

එක්සත් රාජධානියේ වෙළදපොළ තුළ Alexander McQueen Brand 2013 වසරින් පසුව ලෙදර් නිෂ්පාදන කිසිවක් හදුන්වා දී නැති හෙයින්, Alexander McQueenගේ Top Customer කෙනෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින Selena Gomez ගේ ආකර්ෂණීය බව වර්ධනය කළ හැකි විලාසිතාවක් නිර්මාණය කිරීමට රුවන්දිට අවශ්‍ය වෙනවා. මේ සඳහා වර්ණ, හැඩතල, ආයිත්තම් සඳහා ඇය තෝරා ගන්නේ Pirates of the Caribbean චිත්‍රපටයේ එන දර්ශනවලින් ලබාගත් රූප, වර්ණ, හැඩතල සහ එහි භාවයන්. ඒ නිසා Pirates of the Caribbean චිත්‍රපටයේ මොස්තර නිර්මාණ, වර්ණ සහ භාවයන් විසංයෝජනයේ කරමින් එහි විසංයෝජන එකතුවකින් (Deconstruction Collecion ) ඇය Alexander McQueen brand සඳහා UK Market වෙත අපූරු ඇදුම් පෙළක් නිර්මාණය කරනවා.

චිත්‍රපට මාලාවක ඇදුම් ආයිත්තම් නිර්මාණය කිරීම වගේම, විශේෂයෙන්ම fantasy movie එකකට, එවැනි චිත්‍රපට ඇසුරින් කරන නව විලාසිතා උරගා බලන මෙවන් පර්‍යේෂිකාවන් හමුවීම මහත් ආශ්වාදජනක සිදුවීමක්…!

තවත් කොටසක් ඉදිරියට….

(ඡායාරූප – අන්තර්ජාලයෙන් සහ ලිපියේ කතුවරියගෙන්)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *