ඉසුරු උපනාද
මේ වාක්‍ය අරගෙන තියෙන්නේ බෘහදාරණ්‍යක උපනිෂදයේ 1.3.28වැනි කොටසේ තියෙන උදෘත මන්ත්‍රයකින්. ඒ සම්පූර්ණ මන්ත්‍රය ආදිශංකරාචාර්යයන්ගේ අදහස අනුව යජුර්මන්ත්රයක්. ඒක මෙන්න මෙහෙමයි,
“අසතෝ මා සද්ගමය
තමසෝ මා ජ්‍යෝතිර්ගමය
මෘත්යෝර්මාමෘතං ගමය.”
ඕකේ සරල අදහස නම්, මාව අසත් වෙතින් සත් වෙතට ගෙන යන්න, මාව අඳුරෙන් ආලෝකයට ගෙනයන්න, මාව මරනයෙන් අමරනීයත්වයට ගෙනයන්න, කියන එකයි.
ඔය මන්ත්‍රයේ අදහස බෘහදාරණ්යකෝපනිෂදයේදීම පැහැදිලි කරනවා එතනදී කියන්නේ, ‘මාව අඳුරෙන් ආලෝකයට අරං යන්න’ නැති නම් “තමසෝ මා ජ්‍යෝතිර්ගමය” කියන්නේම මරනයෙන් අමෘතත්වයට අරගෙන යන්න කියන අදහසමයි කියලයි. මුලු මන්ත්රයේම අදහසත් ඒකමයි. ඒ කියන්නේ එකම තමා තෙවිදිහකට කියලා තියෙන්නේ.
ඕක ආචාර්යයන් පැහැදිලි කරනවා, තමස් නැති නම් අඳුර කියලා අදහස් කරන්නේ ආවරණාත්මක අඥානයයි ඒ අඥානභාවයම පුනර්මරණත්වයට හේතු වන. නිසා ඒකම මරනයයි, ආලෝකය හෙවත් ජ්‍යෝතිඃ කියන්නේ ප්‍රකාශාත්මක අනඥානත්වයයි එය අවිනාශී වන නිසා අමෘතත්වයයි කියලා.
ඊට කලින් තිබ්බ අසතෝ මා සද්ගමය තේරුම් කරන්නේ, අසත් වෙන්නේ, ස්වාභාවික කර්ම (ක්‍රියා) සහ විඥානයයි, එයට හේතුව ඒවා අත්‍යන්තව පහත් භාවයට හේතුවන නිසායි. සත් වෙන්නේ ශාස්ත්‍රානුකූල කර්මය සහ විඥානයයි, එය අමෘතත්වයට හේතු වන නිසා එය සත්‍ය කියලයි.
දැන් ඕක පිළිවෙළට හදාගත්තම කියන්නේ,
මාව ස්වාභාවික ක්‍රියාවන්ගෙන් සහ ස්වාභාවික ඥානයෙන් ශාස්ත්‍රානුකූල ක්‍රියාවන්ට සහ ශාස්ත්රඥානයට ගෙනයන්න. මාව අඥානත්වයෙන් ඥානයට ගෙනයන්න. ඒ කියන්නේ මාව මරනයෙන් අමරණීයත්වයට ගෙනයන්න කියලයි.
තවත් සරල කරනවා නම්, ආචර්යයන් මෙතන කියන්න හදන්නේ, ලෞකික කර්ම කිරීමට වඩා ශාස්ත්‍රානුකූල කර්ම ඒ කියන්නේ යාගාදී සුවහසක් ආගමික චරණයන් කිරීම හොඳයි මොකද ඒක අඩුම මරනයෙන් පසු හොඳ ජීවිතයක් උරුම කරලා දෙනවා, හැබැයි ඒකත් මදි වෙන්න ඕන දේ තමයි එතනත් තියෙන අඥානභාවයෙන් ඥානී භාවයට පත් වීම. එතකොට තමයි අමරණීය වෙන්නේ.
ඉතින් මේ මන්ත්‍රයේ සරල අදහස ඔච්චර එහාට නොගිහින් බෘහදාරණ්යකෝපනිෂදයේදීම පැහැදිලි කරන විදිහට බැලුවත් ආචාර්යයන් අර්ථකථනය කරන විදිහට බැලුවත් තියෙන්නේ හෙන ආත්මවාදී පැහැදිලි කිරීමක්. මොකද එතන පැහැදිලිවම අමෘතත්වය සත් වූ දෙයක් විදිහට අරගෙන තියෙනවා.