“ඔබ මට ආදරේ නම් මට ඇත්ත කියන්න…!”

“ඔබ මට ආදරේ නම් මට ඇත්ත කියන්න…!”

කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ දැනුම, ආකල්ප හා නව ඥානගවේෂණ ධාරිතාව පුළුල් කිරීම  අරමුණු කරගනිමින් විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය උපදේශක එකමුතුව සංවිධානය කරන දේශන මාලාවේ පළමුවැනි දේශනය ඔක්තෝබර් 04 වන දින  “වගකීමෙන් නිදහස” මැයෙන් පැවැත්විණි. 

මෙම ආරාධිත දේශනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ මෙනවිය විසින් සිදු කරන ලදී.

අපරදිග චින්තනයේ ඉදිරිගාමී දාර්ශනිකයින් වන ෂාක් ඩෙරීඩාගේ හා එම්මෑනුවෙල් ලෙවිනාස්ගේ දර්ශනය ඇසුරින් සිදු කෙරුණු ඉහත දේශනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර‍ පීඨාධිපති, සිංහල හා සංස්කෘත අධ්‍යයනාංශාධිපතිවරුන්, ආචාර්‍යවරුන්, විද්‍යාර්ථීන් හා බාහිර සමාජයේ දැනුම ගවේෂකයන් ඇතුළු පිරිසක් සහභාගී විය.

දේශනය සඳහා පහත සබැඳිය භාවිත කරන්න!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *