ගයන්න යොහානි දිගටම ගයන්න, රිදෙන්නම ගයන්න! (ධනංජය කරුණාරත්න)

ගයන්න යොහානි දිගටම ගයන්න, රිදෙන්නම ගයන්න! (ධනංජය කරුණාරත්න)

ධනංජය කරුණාරත්න

රසවත් දේ නම් යොහානිගේ ගීතයට සහ යොහානිටම එරෙහිව ඇති බහුතරයක් මත එවකට සුද්දන් විසින් කල්ලන්ට එරෙහිව තිබූ විනිශ්චයන්ට සමාන වීමයි. එනම් ගායිකාවගේ පුද්ගලික ජීවිතය සහ ඇගේ පසුබිම පහත් කිරමිත් ගීතය මධ්‍යම පන්තික වික්ටෝරියානු සාදාචාරයෙන් විනිශ්චය කිරීමයි.

ලෝකයේ ඇති විවිධ රැප් සහ හිප් හොප් ආදී ගීත ප්‍රවණතා එක්ක බලනකොට යොහානිගේ ආන්දෝලනයට ලක්වූ රැප් ගීතයේ ඇති එකම විශේෂත්වය එය සිංහලෙන් ගැයිම විතරයි. ලෝකයේ පවතින එවැනි විවිධ කලා සම්ප්‍රදායන් ප්‍රමාණයත් එක්ක ගත්තම විශේෂයෙන් සිංහල රසවිදින පිරිස් තුළට ඒවායින් විවෘත වී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි. මේ වෙනකොට එම ලෝක ප්‍රවණතා එම සිංහල රසවිදින පිරිස් වලට වඩා වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින අතර යොහානිගේ මෙම ගීතය ද අප තේරුම් ගත යුත්තේ එම සන්ධර්භය තුළයි. වෙනත් විදියකට කියනවා නම් සිංහල කලා වෙළඳපොලේ ප්‍රසාරණයක් විදිහටයි. මෙයට ඇති විරෝධය එම ප්‍රසාරණයේදී ඇතිවීමට නියමිත ගැටුමකට වැඩි යමක් නෙමෙයි.

මෙතනදී මම ‘සිංහල පිරිස’ ලෙස හඳුන්වන්නේ සියලුම සිංහල කතා කරන අය නොවෙයි, මගේ මෙම විග්‍රහයට උචිත කොටසයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සමාජයට මේ වගේ ප්‍රශ්න නෑ. ඔවුන් කවදත් ලෝකයේ ඇති වෙනස් වෙමින් යන ප්‍රවණතාවයන් එක්ක සමීප වී තියන අතර ඔවුන්ගේ රස වින්දන විශ්වය ශ්‍රී ලාංකීය නමින් තදබල බෙදීමකට ලක්වෙලාත් නැහැ. ඇමෙරිකාව එංගලන්තය වගේ විවිධ රටවල රූපවාහිනි චැනල් ඔවුන් නරඹන අතර ගීත ඇසීමද එම රටවල රසිකයකුට සමානයි. රැප් ගීත ද බොහෝ කාලයක සිට එම ඉංග්‍රීසි පන්තියේ විශේෂයෙන් නව පරම්පරාවේ අතර සාමාන්‍ය ගීත ලෙසට පවතියි.

මෙම රැප් සහ හිප් හොප් ආදී ගීත සම්ප්‍රදායන් බටහිර ලෝකයේ මතුවන්නේ උපසංස්කෘතීන් හරහායි. කොල්ලන් කෙල්ලන් රස්තියාදු ගහන සංස්කෘතීන්, වීදියේ විවිධ අහුමුළුවල ගොනු වෙන පිරිස්, ප්‍රධාන ධාරාවෙන් බැහැර කළ සමහර ආන්තික ජනකොටස්, ගංජා වල සිට ලිංගික නිදහස දක්වා විමුක්තිය සොයාගෙන යන අසම්ප්‍රදායික බොහිමියානු ප්‍රවණතා ආදි අති විශාල ප්‍රමාණයක් උපසංස්කෘතීන් එම රටවල තියනවා. ඔවුන්ගේ නැටුම් ගැයුම් වැයුම්වල හැඩය සහ වුවමනාව තේරුම් ගත යුත්තේ ඊට අනුවයි.

මෙයින්ද රැප් ගීත බටහිර අප්‍රිකානු (Griot) පසුබිමක් සහිතව ඇමරිකානු කල්ලන් අතින් නිර්මාණය වෙන්නේම සුදු ජාතිකයින්ගේ සදාචාරය, දේශපාලනය සහ ඔවුන්ගේ කල්ලන් සම්බන්ධ ඇති අගතිගාමී විනිශ්චයන්ට එරෙහිවයි. එබැවින් රැප් ගීත සුදු ජාතික මධ්‍යම පන්තිකයින්ගේ ලිංගිකත්වය පිළිබඳ පුහු සදාචාරයට එරෙහිව නිතරම සුදු ජාතිකයින් අපහසුතාවයට පත්කරන( Disturbing ) ලිංගික ප්‍රකාශන ක්‍රම මුල් කරගෙන නිර්මාණය වෙලා තියෙන්නෙ. රසවත් දේ නම් යොහානිගේ ගීතයට සහ යොහානිටම එරෙහිව ඇති බහුතරයක් මත එවකට සුද්දන් විසින් කල්ලන්ට එරෙහිව තිබූ විනිශ්චයන්ට සමාන වීමයි. එනම් ගායිකාවගේ පුද්ගලික ජීවිතය සහ ඇගේ පසුබිම පහත් කිරමිත් ගීතය මධ්‍යම පන්තික වික්ටෝරියානු සාදාචාරයෙන් විනිශ්චය කිරීමයි.

මෙම ගීත ගැයූ කල්ලන්ට ද විවිධ මානුෂික ගුණ දහම් නැතිවීමේ සිට නීති විරෝධී ක්‍රියාකාරකම් දක්වා ප්‍රජාවක් ලෙසට චෝදනා එල්ල වෙලා තිබුණා. එකල සුදු ජාතිකයින්ට සේම සාමාන්‍යන් ශ්‍රී ලංකාවේ ද සිංහල සමාජයේ උසස් කලාකරුවෙක් ලෙස පිළිගැනීමටනම් සිටිය යුතු ආකාරයක් සහ හැසිරීම් රටාවක් තිබුණු අතර ඇත්ත වශයෙන්ම කලා නිර්මාණයක් කිරීමට හෝ කෘතියක් සාර්ථක වීමට ඒ කිසිවක් අවශ්‍ය නැහැ. තාමත් ශ්‍රී ලංකාවේ කලාකරුවන් හඳුනා ගැනීමට යොදා ගන්නා ලෝකෙ කොහෙවත් නැති, කිසිදු කලාවිචාරයකින්ද හමු නොවන ‘ආදරණීය’, ‘නිහතමානි’, ‘අපේ ගති ඇති’, ‘ගමට ලැදි’… මේ කිසිවක් අවශ්‍යයෙන්ම කලාවට සම්බන්ධයක් නැහැ. මේ නිසා ශ්‍රී ලංකාවේ කලාව ප්‍රගුණ කලාට මදි තම නිර්මාණවලට තැනක් ලබා ගැනීම සඳහා පෙළපාලිවල සහ මළගෙවල්වල පෙනී සිටීමත් පිළිගත් කලාකරුවන් සමඟ ගැවසීමත් අනිවාර්යයි!. මේ ලෙස එවකට සුදු ජාතිකයින්ද කල්ලන්ගේ නිර්මාණ පිළිගැනීම සදහා සමාජ සුදුසුකම් ඉල්ලා සිටියා. ඒ සඳහා කලාවේ නිර්ණායකයන් පවා හැඩ ගැසී තිබුණා. කල්ලන්ගේ රැප් නිර්මාණ බිහිවෙන්නේම මේ සියලුම විරෝධයන්ට සහ පීඩනයන්ට එරෙහිවයි.

කැම්-රොන්ගේ( Cam-ron) සක් ඉටි ඕ නොට් ගීතයෙන් කොටසක් මේ.

කැම්-රොන්ගේ( Cam-ron)

ඔයාට ටිෂූ එකක් ඕනෙද?
ඔයාට ඒක ඕනෙ වෙනවා
මගේ අරවා ඔයාගෙ නහයෙ හැලෙනකොට,
මගේ කෙලි පැටියා.
ඔයා මගේ පයිඅ උරන හින්දා.

Would you like a tissue?
You gon’ need it for the cum up in your nose, babygirl, cause you sucking my cock!”

රැප් විතරක් නෙවෙයි ,විශේෂයෙන් රැප් සංගීතයට පවා ආභාෂයක් වූ මාර්වින් සීස් ( Marvin Sease 1946 – 2011 )වැනි පැරණි පරම්පරාවේ බ්ලූස් ( Blues).ගායකයින් පවා එවැනි ගීත ගයලා තියෙනවා.පහත සඳහන් වන්නේ ඒඩ්ස් රෝගය මතුවීමත් සමඟම රෝගයට අප්‍රිකානු පසුබිමක් ද ඇති බව මතු කරමින් සුදු ජාතිකයින් තුළ ඒඩ්ස් හැදුන උන්ට එරෙහිව මතු වුන අප්‍රසාදයට එරෙහිව එඩ්ස් සැදුණු කෙනෙකු සමඟ ලිංගිකව එක්වීමට දිරි දී ගැයූ මර්වින් සීස්ගේ Put your condom on your tongue නම් ප්‍රකට ගීතයේ එන කොටසක්.

මාර්වින් සීස් (Marvin Sease)

Put your condom on your tongue
Lick me ’til I cum, Baby!
I’ll do the same for you
Yes I will, Baby!

දාගන්ඩ කොන්ඩමේ දිවට ඔයාගෙ
ලොවන්ඩ දැන් මට යනකම්ම, පැටියෝ
මාත් කරන්නම් ඔයාටත් ඒකම
ඔව් මාත් කරන්නම් ඒකම, පැටියෝ!

(මගේ ලිහිල් පරිවර්තනය වාරණයට හේතුවිය හැකි බැවින් ඉංග්‍රීසි රචනය තරම් සැර නැති බව සලකන්න)

වර්තමානය වෙනකොට අති බහුතරයක් රැප් ගීත මෙවැනි ලක්ෂණවලින් යුක්තයි. අවශ්‍ය නම් තවත් උදාහරණ කිහිපයක් සඳහා බලන්න කිං ගෝඩි( King Gordy: Mr. 187, ශෙවේ පී (Chevy P: Field Mob “Eat ‘Em Up Beat ‘Em Up” ඩීඑම්එක්ස්(DMX: Bring Your Whole Crew, කිආ (Khia :My Neck, My Back)ද නොටෝරියස් බී අයි ජි (The Notorious B.I.G :Me & My Bitch) එමිනෙම්(Eminem : Fack)

මේ විදිහට ගැහැනියෙකුයි පිරිමියෙකුයි ලිංගිකව හැසිරෙන මොහොතේදී කියන කරන දේවල් මිමිනුම් කෙඳිරි සුසුම් මේ සියල්ලෙන්ම රැප් ගීතවල පමණක් නොව තවත් බොහෝ ගීත සම්ප්‍රදායන් වල නිර්මාණය වෙලා තියෙනවා. සමහරක් රැප් ගීතවල ඇත්තේ රමණ මොහොතේ හඬවල් වලට නිකන් සංගීතයක් එකතු කිරීම වගේ දෙයක් විතරයි. ජීවිතයේ පැවැත්ම රමණය මත පදනම් වෙලා ඇත්නම් එය සිදුවෙන අවස්ථාව ගීතයක් වන්නට බැරි හේතුව කුමක්ද? එබැවින් මෙම ගීතවල සාහිත්‍යය හෝ යටිපෙළ අනිවාර්යතාවයක් නෑ. මේවා එම කලා විනිශ්චයන්ට එරෙහිව ම ගොඩනැගුණු විකල්ප ප්‍රවණතා.

කෙසේ හෝ රංග කලාවේ සිට ගීත කලාව දක්වා ප්‍රසාංගික කලාව තුළ සාහිත්‍යයෙන් වෙන් වූ (සාහිත්‍ය මත පදනම් නොවූ)වෙනම ශානරයන් බිහිවෙලා දැන් බොහෝ කල්. මෙම ගීත ‘සඳ හොරෙන් හොරෙන්’ හෝ ‘මී වදයකී ජීවිතේ’ අසන විදිහට අසන්නට හෝ විග්‍රහ කරන්නට බැහැ. ලෝකයේ නව කලාප ප්‍රවණතා වලදී බොහෝ විට සිදුවී ඇත්තේ කෘතියට පසු එය තේරුම් ගැනීමේ විචාරය බිහිවීමයි. එබැවින් දැන් ඔබට සිංහල රැප් සංගීතය විචාරය කිරීමේ කලාව ද ගොඩක් පුළුල් අර්ථයෙන් සොයා ගැනීමට සිදුවනු ඇති. යොහානිගෙන් පසු ඉදිරි කාලයේ සිංහල රැප් සංගීතයට අලුතින් එන වචන දෙස අපි බලා සිටිමු.

කෙසේ හෝ කළු ජාතීන් විසින් ආරම්භය දුන් මෙම රැප් ගීත සම්ප්‍රදායන් දැන් ලෝකයේ සියලුම වර්ග සහ පසුබිම්වල ජනකොටස් සාර්ථකව ගයනවා. ඒ සඳහා දැන් අවශ්‍ය වන්නේ පසුබිමක් නොව රැප් ගායන හැකියාව පමණයි.

යොහානිගේ ගීතයේ කොටසක ඇති පුරුෂ.ලිංගයේ දිග පළල පිළිබඳ කතාවද ඉතා වැදගත්. සාමාන්‍යයෙන් පුරුෂාධිපත්‍යයීය සමාජයන් තුළ වඩාත් දිගු ලීංගය කුමක්දැයි ලිංගයේ ප්‍රමාණය ප්‍රශ්නයක් කරගත්ත පිරිමින් අතර රහස් තරගයක් තියෙනවා. එම පිරිමින්ගේ තමන්ට කුඩා ලිංගයක් ඇත්දෝයි යන බිය (Small Penis Anxiety/SPA) තමයි ගීතයෙන් උපහාසයට ලක් කරන්නේ. ලිංගයේ විශාලත්වය ගැහැණිය පාලනය කිරීමේ මෙවලමක් විදිහට හිතන පිරිමි ආකල්පය…

එබැවින් බටහිර රැප් ගීත සංස්කෘතියේ ඇති ඉහත කී ලක්ෂණ සිංහල ගීත කලාවට එකතු වී එහි මානයන් පුළුල් විය යුතුයි. ඒ සඳහා හොඳ ආරම්භයක් ලබා දුන් යොහානිට අප ස්තුතිවන්ත විය යුතුයි. වඩා පුළුල් ගීත සංස්කෘතියක් බලාපොරොත්තු වන කෙනෙකු විසින් කළ යුත්තේ නිශ්චිත ගීත සම්ප්‍රදායකට එරෙහි අනිත් ගීත සම්ප්‍රදාය දුරාවලි ගත කිරීම නෙමෙයි, විවිධ ගීත සංස්කෘතීන් සම්ප්‍රදායන් වඩා පුළුල් අර්ථයෙන් උකහා ගන්නට සහයෝගය දීමයි.

ගයන්න යොහානි දිගටම ගයන්න , රිදෙන්නම ගයන්න!!!

රිදුන් නැති තැන් වෙනස් නොවේ!

(ඡායාරූප – අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *