ඔබ අහසට ආදරෙයිද?

ඔබ අහසට ආදරෙයිද?

ලක්ෂිකා සෙව්වන්දි

ඔබ අහසට ආදරෙයිද?
ඔව්…! නිතැතින්ම
අපි සැම අහසේ පියාසර කළ යුතුයි
අහස හරිම ලස්සනයි නේද…?
හරිම විශාලයි
උඩට ගියාම මුළු ලෝකෙම පේනවා
ඔව්…! අනිවාර්යෙන්ම
ඔබට පුළුවන් ලෝකය පිළිබඳව විශාල චිත්‍රයක් අඳින්න
ඔව්…! ඔබට බොහෝ දුර දැකිය හැකියි.


නමුත්,
ප්‍රවේසම් වන්න!
පළමුව ඔබ
තට්ටු දෙක තුනකවත් උස බිල්ඩිමකට නගින්න
පස්සේ බලන්න එතන ඉඳන් පහළ බලද්දී
ඔයාට බය හිතනවද කියලා
බය හිතෙන එක සාමාන්‍යයි
ඒත් පුරුදු වෙන්න!
අත්තටු දෙක ශක්තිමත් කරගන්න!
ඔබට අත්තටු පිළිබඳව ඇති විශ්වාසය
කෙතරම් දැයි අවබෝධ කරගන්න!
මන්ද,
ඉහළ අහසේ පියාසර කරන විට
ඔබ හා ඔබේ පියාපත් පමණක් තනි වනු ඇත


මෙහිදී ඔබට
වරයන් දෙකක් ලැබෙනු ඇත…!
එකක් පියඹා ලෝකය දැකීමය,
අනෙක බිමට සමතලා වී මරණයට පත් වීමය,


ඔබ මෙයින් කුමක් තෝරා ගන්නේද?
ඔබට පියාඹන්න අවශ්‍ය නම්
අනිවාර්යෙන්ම ඔබ
මරණයටත්, ජීවත්වීමටත්
බිය නොවිය යුතුයි!
ඔබ බියයි නම් කම් නැත,
ඔබට  පොළවේ සිට රංචු ගැසිය හැකිය
හරිම විනෝදකාමීයි!
හරිම සරලයි!
කිසිම චෝදනාවක් නෑ!
බය වෙන්න දේකුත් නෑ!
ඉතිං නවතින්න!
පියාඹන්න බයයි නම්,
පියාඹන මිනිසුන්ට උදව් කරන්න!
මක්නිසාද යත්,
එවිට පුළුවන්
ඇය මුළු ලෝකය ගැන අඳින චිත්‍රය
ඔබටත් කියා දෙන්න…!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *