මහනුවර පැරැණිතම පුස්තකාලය – The oldest library in Kandy

මහනුවර පැරැණිතම පුස්තකාලය – The oldest library in Kandy

සම්පත් බණ්ඩාර

මහනුවර, ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ඇති අඩක් ගොඩබිමේද, අඩක් ජලයේ ද පිහිටන සේ නිමවා ඇති උල්පැන්ගේ නමින් හදුන්වන මේ ඉපැරැණි ගොඩනැගිල්ල වැදගත් වන්නේ මහනුවර නගරයේ ආරම්භ කළ ප්‍රථම පුස්තකාලය පිහිටා තිබුණේ මෙහි ඉහළ මාලයේ වන බැවිනි.

1829 වසරේ ජෝර්ජ් ටර්නර් විසින් මෙහි United service library ( එක්සත්  සේවා පුස්තකාලය ) නමින් පුස්තකාලයක් ආරම්භ කළේ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් හා පරිපාලන නිලධාරීන්ගේ ප්‍රයෝජනය උදෙසා ය.

රාජකීය බිසවුන්ගේ නාන තටාකය ලෙසින් භාවිතා වූ තනි මහලේ ගොඩනැගිල්ල  පුස්තකාලය පිහිටුවීම උදෙසා දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදි කරන ලදී. 1899 වන විට මෙහි පොත් එකතුව 6000ක් වූ බවට ලේකනගත සාක්ෂි තිබේ. පැරැණි මතකය යළි අලුත් කරමින් මෙහි වර්තමානයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් පාලනය වන පොත් අලෙවි සලක් හා කුඩා පුස්තකාලයක් පවත්වාගෙන යනු ලැබේ.

එසේ වුවද මහනුවර ප්‍රදේශයේ පැරැණිතම පුස්තකාලය මෙය නොවේ. 1821 පේරාදෙණිය උද්භිද උද්‍යානය ආරම්භ කළ විට පිහිටවූ උද්භිද විද්‍යා පුස්තකාලයයි.  එය උද්භිද විද්‍යාවට සිමා වූ පුස්තකාලයක් වූ බැවින් මහනුවර පැරැණිතම මහජන පුස්තකාලය ලෙස හැදින්විය හැක්කේ උල්පැන්ගේ පිහිටා තිබූ මෙම එක්සත් සේවා පුස්තකාලය යි.

(සටහන සහ ඡායාරූප – සම්පත් බණ්ඩාරගේ facebook පිටුවෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *