ආචාර්ය දර්ශන අශෝක කුමාර
අහම්බෙන් ගොඩවැදුණු පොත් එළිදැක්වීමක දී මට ඇසීමට ලැබුණේ සරත් විජේසූරිය කියූ මෙවැනි කතාවකි.
ඒ සරච්චන්ද්‍ර ද උපුටා ගනිමිනි.
කවියෙක් වෙන්න නම් දුක් විදින මිනිස්සු ගැනයි, ආණ්ඩුවලින් එල්ල වන පීඩනය ගැනයි, අරකයි මේකයි ආදී වශයෙන් වට්ටෝරු හදා ගෙන ලිවීම මේ කාලේ වෙන දෙයක්.
කවියෙක් කරන්නේ ඔහුගේ කවියෙන් තමන්ගෙ ජීවිතය කීම. (සරත් විජේසූරියගේ අදහස මගේ වචනවලින් කීමි)
මමත් මේ ගැන මෙලෙස ම දීර්ඝ කාලයක සිට සිතමි.
කවියෝ වෙන්න නම් ත්‍රීරෝද රථ රියදුරොයි, මේසන් බාස්ලයි, කරණවෑමියොයි ගැන ලියන්නම ඕනෙ වගේ අදහසක් මෑතක මම දැක්කා.
මේ වට්ටෝරු මට නම් කිසිම රහක් නෑ. අතිශයින් ම කෘතිමයි.
මේ ව්‍යාජ කවි කලාව අනුව බැලුවොත්, බෂෝ, කබීර්, ඛයියාම් ෂෙලී, කීට්ස්, විට්මන්, බ්ලේක් ආදීන් කවියෝ නෙමෙයි.
ඒ මිනිස්සු කරලා තියෙන්නේ තමන්ගේ ආත්මය ඔහේ විදාරණය වෙන්න ඇරල තියෙන එක.