සායාගේ ‘තුන’ ගැන සටහනක්…

සායාගේ ‘තුන’ ගැන සටහනක්…

නිශාන්ත කුලරත්න

“තුනක්” නාට්‍ය උලෙළ, අසංක සායක්කාරගේ මෑත කාලීන නාට්‍ය කිහිපයක ඉදිරිපත් කිරීමක්. එකතුවට ඇතුළත් වූ කෙටි නාට්‍ය හතර සහ දිගු නාට්‍ය දෙක තුළම අද දවසේ මිනිසුන්ගේ සමාජ, දේශපාලන, සංස්කෘතික ජීවිතය විවිධ මට්ටම්වලින් සාකච්ඡා කර තිබුණා. ඒ අතරිනුත් සමාජ විවරණයක් හැටියට ගත්විට “ඌරෝ අතර Pork” නාට්‍යය, ඉදිරියෙන් සිටින බවක් දකින්නට පුළුවන්.

“ඌරන්” කියන රූපකය අපේ සමාජය එක්ක සම්බන්ධ වන ආකාර කිහිපයක් නාට්‍යයේ දකින්න පුළුවන්. පළමුවෙන්ම, ජනශ්‍රැතිවල සිට ජනප්‍රිය සංස්කෘතිය දක්වා විවිධ නිර්මාණ තුළින් හමුවන ඌරන් ඇසුරින්. දෙවනුව, වේදිකාව මත අප දකින ඊරියගේ ගැටළුව තමතමන්ගේ ව්‍යාපෘතිවලට යොදාගන්නා පොලිස් නිලධාරියා, ටියුෂන් ගුරුවරයාගේ සිට එන්ජීඕ ක්‍රියාකාරිනිය දක්වා වන චරිත ඇසුරින්. අවසාන වශයෙන් කතාව අවසාන වන්නේද ‘මේ සියලු අසාධාරණයන් ඒවා නිෂ්ක්‍රීය ලෙස විඳ දරා ගනිමින් හුදු නිරීක්ෂකයන් බවට පත්වී සිටින අපත් මොන විදිහේ ඌරන්ද?’ යන ප්‍රශ්නයත් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරමිනුයි.

කතාව ඉදිරිපත් කිරීම තුළ විවිධ නැවුම් අත්හදාබැලීම් ඇතුළත්ව තිබෙනවා. නාට්‍යයේ ජවනිකා මාරු කෙරෙන අවස්ථා ඉදිරිපත් කරන ආකාරය කතාව අවසානයේ දක්නට ලැබෙන “හතරවන බිත්තිය බිද දැමීමක්” සහිත ජවනිකාව ඒ සඳහා උදාහරණයන්. නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක රඟන නළු-නිළි යුවළත් තම භූමිකා සඳහා උපරිම දායකත්වයක් ලබාදෙනවා. 

ප්‍රේක්ෂකයාගෙන් කිසිදු අවධානයක් ඉල්ලා නොසිටිමින් ඇරඹෙන නාට්‍යය අවසානයේදී ප්‍රේක්ෂකයාට දැනගැනීමට ලැබෙන්නේ රංග කාලය අපරිමිත බවයි. අවධානයකින් තොරව පවතින සමාජයක් “ඌරන්” සමග ගත කරන කාලය අපරිමිත විය හැකි බවට වන ඇඟවුමක්ද ඒ තුළ අඩංගු වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *