ඉමාෂා ධර්මසේන
වර්ෂ 1814 දී උපන් ලෙර්මෙන්තොව් පුෂ්කින්ගෙන් පසු රුසියානු කාව්‍ය නොනැසී ගොඩනැංවීමට කටයුතු කළා වූ මහා කවියෙකි. ලෙර්මෙන්තොව් කවියෙක්, නවකතා රචකයෙක් සේම චිත්‍ර ශිල්පියෙක් ලෙස ද ස්වකීය දක්ෂතා ප්‍රකට කළේය.
ඇලෙක්සැන්ඩර් පුෂ්කින් මොහුගේ දැඩි අවධානය ලක් වූ කවියෙක් විය. පුෂ්කින්ගේ නිර්මාණයන්ට හා පුෂ්කින්ට මොහු කොතෙක් ඇලුම් කළේ ද යන්න ලෙර්මෙන්තොව් රචනා කරන ලද “කවියාගේ මරණය” නම් කාව්‍ය නිර්මාණයෙන් පෙනීයයි. එම කාව්‍ය නිර්මාණය ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ මරණය හේතුවෙන් ඔහුට ඇතිවු දැඩි කම්පාව මත ලෙර්මෙන්තොව් රචනා කරන ලද්දේය.
1840 දී පළවූ ලෙර්මෙන්තොව්ගේ “අපේ කාලයේ වීරයා” නමැති නවකතාව, රුසියානු නවකතා සාහිත්‍යයේ පළමු මනෝ විද්‍යාත්මක නවකතාව ලෙස හැඳින්වෙයි. එම නවකතාව ඔස්සේ ලෙර්මෙන්තොව්, තාරුණ්‍යය සතුව පවත්නා කායික හා මානසික ශක්තීන් රාජ්‍යයේ යහපත උදෙසා භාවිතයට පාලකයා අපොහොසත් වන විට, තාරුණ්‍යය ස්වකීය ශක්තීන් අනිසි ලෙස මුදාහැරීමට පෙළඹෙන බැව් පෙන්වා දෙයි.
ලෙර්මෙන්තොව් රචනා කල “සෂ්කා“, “භාණ්ඩාගාරිකගේ බිරිඳ“, “දේවදූතයා” හා “යක්ෂයා” ආදී කාව්‍ය නිර්මාණයන් ද විශ්ව සාහිත්‍යයේ වඩාත් ඇගයීමට පාදක වූ නිර්මාණයන් ය. විප්ලවීය හා දේශපාලනික සංසිද්ධීන් තම නිර්මාණයන්ගේ වස්තු විෂය බවට පත් කරගත්ත ද, එම නිර්මාණය තුළ රෝමාන්තික ලක්ෂණයන් ද ඉස්මතු කරලීමට සමත් වීමෙන් ඔහු සතුව පවත්නා වූ නිර්මාණශීලිත්වය හඳුනාගත හැකිය.
ඇලෙක්සැන්ඩර් පුෂ්කින් සේ ම ලෙර්මෙන්තොව් ද, වර්ෂ 1840 දී ද්වන්ධ සටනකින් මරණයට පත්විය. වසර විසි හයක් පමණ දිවි ගෙවූ ලෙර්මෙන්තොව්ගේ මරණයෙන් පසු රුසියානු කාව්‍යයේ ස්වර්ණමය යුගය ඒ අනුව නිමාවට පත් විය. රුසියානු කාව්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය තුළ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් මෙන් ම මිහායිල් ලෙර්මෙන්තොව් ද විශිෂ්ට නිර්මාණයන් ලොවට දායාද කළෝය.
මූලාශ්‍රය –
- රුසියානු සාහිත්‍යය හා වර්තමාන සිංහල නවකතාව හා කෙටිකතාව – මිණිවන් පී. තිලකරත්න
- ගිම්හානේ යන්න ගිහින් – සුනිල් විජේසිරිවර්ධන
(ඡායාරූප – අන්තර්ජාලයෙන්)