ඉමාෂා ධර්මසේන
රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගය
රුසියානු සාහිත්‍ය හැදෑරීමේ දී පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ ජන සාහිත්‍ය වස්තුබීජය කරගනිමින් ගොඩනැඟුණු රුසියානු සාහිත්‍යාවලිය පසුකාලීනව ඇති වූ ආගමික, සමාජීය හා දේශපාලන ප්රවාහයන් හේතුවෙන් ක්‍රමයෙන් යටපත් වූ බවයි. මේ අතරින් සාහිත්‍ය නිර්මාණ කෙරෙහි පල්ලියෙන් සිදු කළ ආගමික බලපෑම වඩා ප්‍රබල ලෙස බලපාන ලදී. මහා පීටර් රජුගේ බලයට පැමිණීමත් සමඟ ඔහුගේ බටහිරගාමී සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් එතෙක් යටපත්ව පැවති රුසියානු සාහිත්‍යයට නව ආලෝකයක් එක් කරලීමට සමත් විය. ඒ අනුව දිගු අඳුරු යුගයකට පසු රුසියානු සාහිත්‍ය නැවතත් ඉස්මතු වන්නට විය.
මෙහිදී පෙර පැවති ජන කවි සම්ප්‍රදායට මුළුමනින්ම වෙනස් වෙමින් පුද්ගල මනෝභාවයන් හා අතිශය ගැඹුරු දේශපාලනික සංසිද්ධීන් ඇසුරු කරගනිමින් ගොඩනැගුණු සාහිත්‍ය නිර්මාණයන් බිහි විය. එබැවින් මෙම අවධිය රුසියානු සාහිත්‍ය යුගයේ “ස්වර්ණමය අවධිය” ලෙස සාහිත්‍යවේදීහු සලකති.
රුසියානු සාහිත්‍යයේ “ස්වර්ණමය යුගය” රුසියානු කාව්‍යයේ ස්වර්ණමය යුගය ලෙසත්, රුසියානු ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙසත්, අධ්‍යයනයේ පහසුව උදෙසා සාහිත්‍යවේදීහු කොටස් දෙකකට වෙන්කර දක්වති. ඔවුහු එහි කාල නිර්ණය මේ අයුරින් බෙදාවෙන්කර දක්වති.
- පුෂ්කින්ගේ ගුරුවරයෙක් වූ ගව්රීල් දේර්ශාවින්ගේ “දිය ඇල්ල” නමැති කාව්‍ය සංග්‍රහය පළ වූ 1794න් ආරම්භ වන රුසියානු කාව්‍යයේ ස්වර්ණමය අවධිය ලෙර්මෙන්තොව්ගේ මරණයෙන් නිමාවෙයි.
- රුසියානු ප්‍රබන්ධ සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය පුෂ්කින්ගේ “බෙල්කින්ගේ කතා” පළ වූ 1831න් පමණ ආරම්භ වී 19වන සියවසේ අවසන් කාලයේ පළ වූ තෝල්ස්තෝයිගේ නවකතාවලින් අවසන් වෙයි.
ස්වර්ණමය යුගයේ මුල් කාලයේ නිර්මාණකරණයට පිවිසි බොහෝ දෙනා සමාජයේ ඉහළ ස්ථරය නියෝජනය කර පිරිස් විය. එම යුගයේ නිර්මාණ තුළ දක්නට ලැබුණු තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සෞන්දර්යාත්මක නිර්මාණය සේම යථාර්ථවාදී නිර්මාණකරණයට ද ප්රවිශ්ඨ වීමට සාහිත්‍යවේදීහු කටයුතු කිරීමයි. රුසියානු සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ සුදුසු යනු කාව්‍ය නිර්මාණය සම්බන්ධයෙන් ඉහළින්ම වැජඹුණු නිර්මාණකරුවන් ලෙස හැඳින්වෙන්නේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (alexander pushkin) ය.
මීට අමතරව ගොගොල්, ලෙර්මෙන්තෝව්, තුර්ග්නේව්, තෝල්ස්තෝයි, දොස්තොව්ස්කි ආදී නිර්මාණකරුවන් ද රුසියානු ස්වර්ණමය යුගයේ කැපී පෙනෙන නිර්මාණකරුවන් වශයෙන් හඳුන්වා දිය හැකිය.
ඉදිරි ලිපි ඔස්සේ මෙම නිර්මාණකරුවන් පිළිබඳ තවදුරටත් ගවේෂණයේ යෙදෙමු…