එන්න… රජ මාවත දිගේ යමු!

එන්න… රජ මාවත දිගේ යමු!

මලින්ත විතානගේ

මා වෙසෙන රුවන්වැල්ල ප්‍රදේශය යනු වර්තමානයේ සේම අතීතයේ පැරණි කොළඹ – නුවර පාරේ තිබු වැදගත් අවකාශයක් බව කිව යුතුය. මහානාම දුනුමාල විසින් රචනා කළ ‘රජ මාවත‘ නමි පර්යේෂණාත්මක ඓතිහාසික කෘතිය මඟින් හෙළිදරව් කරන්නේ වර්ෂ 1832ට පෙර පැවති පැරණි කොළඹ – නුවර මාර්ගය පිළිබඳ විමර්ශනයකි. පෞද්ගලිකවම මට මඟ නොහැර යා නොහැකි කෘතියක් වන්නේ මේ නිසාම ය. රජ මාවත කෘතිය යනු අපුරු චාරිකාවක් වෙත ⁣සමීප කරන ඓතිහාසික රචනාවකි. කෘතිය පුරාවටම විමර්ශනය කරන්නේ පැරණි කොළඹ – මහනුවර මාර්ගයේ එදවස ස්වභාවයේ තතු පිළිබඳව ය.

අද කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වැ⁣ටී තිබෙන ආකාරයට වඩා ඊට හාත්පසින්ම වෙනස් වූ කොළඹ ග්‍රෑන්ඩ්පාස් සිට අඹතලේ, කඩුවෙල, හංවැල්ල , අවිස්සාවේල්ල, තල්දූව, රුවන්වැල්ල, කොටියාකුඹුර, පින්දෙණිය, බෝගස්හන්දිය, ඉද්දමල්පාන, අටුගොඩ, තලේවෙල, හෙට්ටිමුල්ල, ඈවුණුගල්ල, දීවෙල, වාකිරිගල , ගල්අතර, අට්ටාපිටිය, ගනේතැන්න, බලන දුර්ගය, ගන්නෝරුව හරහා නුවර දක්වා වැටී ඇති මේ මාර්ගය පෘතුගීසීන් උඩරට ආක්‍රමණ සදහා ද යොදාගෙන ඇති බව මෙම කෘතිය විසින් කියා සිටී.

කෘති⁣ය පුරාවටම කොළඹ – නුවර පැරණි මාර්ගය පිළිබඳ ලියා තැබු යටත්විජිතවාදීන්ගේ ලියවිලි සඳහන් කිරීම ආස්වාදජනක ගෙනදුනි. ඈත ඉතිහාසයක ගෙනයන මතකය සහ පරිකල්පනය ඇව්ස්සීමකි. කොළඹ සිට නුවර බලා යන මෙි අපුරු ගමනාන්තය තුළ විවිධ ගමිමාන සහ විශේෂ වූ සිදුවීමි, පුද්ගලයන් පිළිබඳ ජන විශ්වාස හමුවෙයි. ගමිමානවල නමි හැදුන හැටි, සොබා සෞන්දර්ය පිළිබඳ අපුරු මතක ගොනුවක් මනසේ තැන්පත් කරන්න ගට මෙම කෘතිය සමත් වෙයි.

කතුවරයා විසින් කෘතිය රචනා කිරීමට අති සරල බස්වහරත්, පරිචයෙන් පරිචයට යොදාගෙන ඇති ආකෘතියත්, ගලා යෑමත් කැපී පෙනෙන්නකි. කෘතියේ ඇති කරුණු පිළිබඳ විශ්වසීයත්වය ගොඩනඟන්නට අති ව්ශාල මුලාශ්‍ර ප්‍රමාණයක් යොදාගෙන ඇත. ඒ නිසාම කෘතිය අති සාර්ථක කෘතියක් දක්වා ඉහළට එසැවෙයි. ජනශ්‍රැතිය, සිතියම් විවරණය මෙන් ම වර්තමානයේ ජීවත්ව සිටින තොරතුරු දත් අයවලුන්ගේ සම්මුඛ සාකච්ඡා හරහා අපුරු ලෙස කෘතිය නිමකර ඇති නිසාම ඉතිහාසයට ආශක්ත ඇති අයෙකු සේම නවකතාවෙන් ඔබිබට විහිදුණු ශාස්ත්‍රීය කෘති පරිශීලනය කර⁣න්නෙකුට මාහැඟි කෘතියකි. නුවර – කොළඹ අතර මාර්ගය හෙවත් රජ මාවත ඔබෙි දැනුමෙි පරිමාව වඩවනවා සේම ට්‍රැවලින්ග් කරන්නෙකුට ඉහළින්ම නිර්දේශ කළ හැකි කෘතියක් තමයි ‘රජ මාවත’ කියන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *