The Seven Moons of Maali Almeida සංවාද කතිකාව කැලණියේදී

The Seven Moons of Maali Almeida සංවාද කතිකාව කැලණියේදී

බුකර් ත්‍යාගය දිනූ The Seven Moons of Maali Almeida කෘතිය පිළිබඳ සිංහල මාධ්‍යයෙන් සංවාද කතිකාවක්.

“We must all find pointless causes to live for,

or why bother with breath?”

The Seven Moons of Maali Almeida-

2022 වසරේ බුකර් ත්‍යාගය දිනූ ෂෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida නවකතාව පිළිබඳ සිංහල බසින් කෙරෙන සංවාදාත්මක කතිකාව, මේ මස (පෙබරවාරි) 28 වන අඟහරුවාදා දින, සවස 3.00ට කැලණිය විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේ දී (K-14 පළමු මහල) පැවැත් වේ.

සංවාදයේ ප්‍රධාන අදහස් දැක්වීම් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රභා මනුරත්න සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ ආචාර්ය ආචාර්ය නිම්මි නාලිකා මැණිකේ විසින් සිදු කරන අතර සංවාද සභාව සාහිත්‍යප්‍රිය සැමට විවෘතය. කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය උපදේශක කමිටුව මෙය සංවිධානය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *