ආචාර්ය මහේෂ් හපුගොඩ
ඔව්. වසන්ත නිදහස්. ත්‍රස්ත පණත යටතට වැටෙන දෙයක් එයා කරලා නැහැ කියල අධිකරණය කියනවා. ඒ තීන්දුවට ගෞරවය. මොකද එයා ත්‍රස්තවාදියෙක් නෙවෙයි.
අධිකරණවල තියෙන්න පුළුවන් මේ ගුප්ත සාධාරණය (mysterious justice) ගැන මට මුල්වරට අදහසක් ආවේ ස්පිල්බර්ග්ගේ Amistad (1997) ෆිල්ම් එකෙන්. අපි යමක් කලින් හිතාන හිටියට (pre-assumptions)එයට සම්පුර්ණයෙන් විරුද්ධ දෙයක් සිද්ද වෙන්නත් පුළුවන්කම ඒ ගුප්ත බව නිසා පුළුවන්කම ලැබෙනවා.
ප්‍රාථමික අධිකරණය දේශපාලනයට නම්මා ගන්න බැරිවෙනකොට ඇමෙරිකාවේ ඒ වෙලාවේ දේශපාලකයින් කරන්නේ විනිශ්චයකරු මාරු කරන එක. ටිකක් තරුණ කෙනෙක් දමල එයාල බලාපොරොත්තු වෙනවා අලුත් විනිශ්චයකරු තමන්ගේ පැත්තට නම්මවා ගන්න. විශේෂයෙන් එයාට තව ගොඩක් දුර වෘත්තියේ යන්න තියන නිසා එයා ටිකක් ”තමන්ගේ අනාගතය දිහා බලල වැඩකරයි” කියල දේශපාලනය හිතනවා.ඒ කියන්නේ අනාගතය ගැන පරිස්සම් වෙයි කියල හිතනවා.
දේශපාලඥයින්ට අම්මට සිරි වෙන්නේ නඩු තීන්දුව දෙනකොට.
”මේ කළු ජාතිකයින් කොහෙත්ම වහල්ලු යන ප්‍රවර්ගයට වැටෙන්නේ නැහැ. ඒ නිසා මොවුන් වහලුන් නෙවෙයි. නිදහස් මිනිස්සු. වහාම විලංගු ගලවලා ආණ්ඩුවේ වියදමින් ආපහු ආපු දීපන්කරයකට පිටත් කරපල්ලා”
කියල ඇඟිල්ල දික්කරලා මාර්ෂල්ට නියෝග දෙනකොට අපේ ඇඟ කිලිපොලා යනවා. එච්චර ප්‍රභලයි ඒ තීන්දුව. ආණ්ඩුවේ ඒජන්තයෝ සහ අනික් වහල් වෙළන්දෝ ටික ආපහු යන්නේ නැට්ට පස්ස පැත්තේ ගහගෙන.
එතන තමයි ඒ විනිශ්චයකාරයා තමන්ගේ දෛවය තමන් විසින්ම ගොඩ නගා ගන්නේ. ආණ්ඩුව විසින් පත්කළා තමයි. හැබැයි එයාලට ඕනි විදියට තීරණේ දීලා තමන්ගේ වෘත්තීය ජීවිතේ ඉවර කරගත්තේ නැහැ ඒ මනුස්සයා.
හරි තීරණේ දීල තමන් ඒ මොහොතේ ඇත්ත විනිශ්චයකාරයෙක් වුණා. හැම පැත්තම කියන දේ අහල සත්‍යය පැත්තේ හිටගත්තා.
මෙහෙ ගැන නම් ලොකු කතා කියන්නේ නැහැ මම. හැබැයි කොහෙ හිටියත් හදවත් ඇතුලෙන් අපිට හරි දිසාව හැමවෙලේම පෙන්නනවා. එහෙම පෙන්වන හෘද සාක්ෂිය කියල එකකුත් තියනවා. කාන්ට් ඔය දේට කිව්වේ විශ්වීය සාධාරණය කියල (universal justice).
මොන භෞතික තත්වයන් අපි ඉස්සරහා තිබ්බත් කොයිවෙලාවේ හරි අපේ ආත්මය ඇතුලේ තියන මේ නිවැරදි දේ එළියට එන්න පුළුවන් නිසා ඒකෙ පොඩි ගුප්ත ගතියක් තියනවා. ඒකයි අසඩක්ල ගැන පුරෝකථනය කරන්න බැරි.
සැලියුට්!
Amistad ක්ලිප් එක පහළින්…