80 වියට පා තැබූ චිලියේ මායාකාරිය; ඉසබෙල් අයියන්දේ

80 වියට පා තැබූ චිලියේ මායාකාරිය; ඉසබෙල් අයියන්දේ

රශ්මික මණ්ඩාවල

තම උපන්දිනය වෙනුවෙන් ඉසබෙල් අයියන්දේ ඇගේ මුහුණුපොත් පිටුවේ තබා තිබූ සටහන.

මේ 2022 අවුරුද්ද මට වැදගත් සංවත්සර දෙකක් එක්ක සමපාත වෙනවා. මම අවුරුදු 80 ට පා තැබුවා. තරුණ අයව බය කරන වයසක් වුනාම මම හරිම කැමතියි. ඒ වගේම මගේ පළවෙනි නවකතාව වන මායාවාස එළිදක්වලා අවුරුදු 40ක් වෙනවා.  ජීවිතය ගලාගෙන ගියා. මට තාමත් දැනෙන්නේ පළවෙනි වාක්‍ය්‍ය ලියන්න මම කැරකස්වල අපේ කුස්සියේ වාඩිවුන මොහොත වගේමයි.

“බරබ්බස් තම පවුල වෙත ළඟාවූයේ මුහුදෙනි.”

වයසට කරන ගරු කිරීමක් විදියට මට දැනෙන්නේ මගේ වයස අවුරුදු 60ක් වගේ. ඒත් මට මේ ලෝකේ ඉතිරිවෙලා තියෙන්නේ තව පොඩි කාලයක් බව දැන් මට වැටහෙන නිසා මට ඕන හැමදවසක් ම උපරිම ප්‍රයෝජනයට ගන්න.

විවිධ භාෂාවලින් මාව කියවන මගේ විශ්වාසවන්ත පාඨකයන්ට, මගේ සංස්කාරකවරුන්ට, නියෝජිතයන්ට, මගේ යාලුවන්ට සහ විශේෂයෙන් ඔවුන් මා වෙත ප්‍රධානය කරපු ආදරය වෙනුවෙන් මගේ පුංචි පවුලට මගේ හද පත්ලෙන්ම ස්තූති කරන්න මම බලාපොරොත්තු වෙනවා.

තම උපන්දිනය වෙනුවෙන් ඉසබෙල් අයියන්දේ ඇගේ මුහුණුපොත් පිටුවේ තබා තිබූ සටහන ලේඛකයෙක් සහ පරිවර්තකයෙක් වන රශ්මික මණ්ඩාවල පරිවර්තනය කොට සිය මුහුණුපොතේ පළ කොට තිබුණා. චිලියේ මායාකාරිය හෙවත් අයියන්දේගේ උපන්දිනයට සුබ පතමින් රශ්මික මණ්ඩාවල ලේඛකයා සිය මුහුණු පොතේ තවත් සටහනක් පල කොට තිබුණා. ඒ සටහනේ වූයේ අයියන්දේගේ කියමන් කිහිපයක පරිවර්තනයි. ඉහතින් අයියන්දේගේ සටහනේ පරිවර්තනය උපුටා දැක්වෙන අතර පහතින් දැක්වෙන්නේ දෙවනුව උපුටා ගන්නා ලද එම වැකි කිහිපයයි.

සුබ උපන්දිනයක් චිලියේ මායාකාරියට!

  • ලිවීම කියන්නේ ක්‍රියාවලියක්, මතකය සහ ආත්මය වෙත යන චාරිකාවක් 
  • ප්‍රබන්ධයේ ඇති බොරුව තුළින් ඔබට ගැඹුරු සත්‍යයන් පවසන්න පුළුවන්
  • හැම කතාවක්ම මාව උනන්දු කරවනවා. සමහර කතන්දර මම ඒවා ලියලා අවසන් කරනකම්ම මාව බයකරනවා.
  • මිනිස්සු සමාජීය සහ දේශපාලනික සන්දර්භවලින් පිටත ඉන්නේ ආදර නවකතා හා ත්‍රාසජනක නවකතාවල විතරයි.
  • භීතිය කියන එක වළක්වන්න බැහැ. ඒක මම පිළගන්න ඕන. ඒත් ඒකට මාව අඩපණ කරන්න දෙන්න බැහැ.
  • මට කතන්දරයක් කියන්න ඕන. ඒක උමතුවක්.
  • අමතක නොකළ යුතු දේ ලියන්න.
  • හිත හොඳ ලේඛකයා අඳුරු ඉම් ආලෝකමත් කරන්න පහනක් අරගෙන යනවා.
  • මම ප්‍රබන්ධයට ආදරය කරන්නේ මොකද ප්‍රබන්ධයේදී අපි මිනිස්සුන්ගේ සිතුවිලි තුලට යනවා.
  • මම නවකතාවක් ලියනකොට කවදාවත් පණිවිඩයක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මම කතන්දරයක් කියනවා විතරයි.
  • මම ලිව්වේ නැත්නම් මගේ ආත්මය වේලිලා විනාසවෙලා යයි.
  • නවකතාවක් බිහිවෙන්නේ දුෂ්කර ව්‍යායාමයකින් පස්සේ, කෙටිකතාවක් ලියවෙන්නේ ආශ්වාදයෙන්.
  • ලිවීම කියන්නේ ක්‍රියාවලියක්, මතකය සහ ආත්මය වෙත යන චාරිකාවක්.
  • ලෝකයේ සිද්ධවෙන දේවල් මටත් බලපානවා. සමහරවෙලාවට ඒක මගේ ලිවීමේ කොටසක් වෙනවා.
  • හැඟීමක් නිර්මාණය කරන්න හරි අවස්ථාවක් විස්තර කරන්න හරි හොඳටම ගැලපෙන වචන හොයාගන්න එක මට වැදගත්.
  • අපි වටා තියෙන අද්භූතභාවය ගැන මම දන්නවා, ඉතින් මම අහඹු සිදුවීම්, පෙරනිමිති, හැඟීම්,සිහින, සොබාදහමේ බලය, මායාව ගැන ලියනවා.
20050831
(සටහන – රශ්මික මණ්ඩාවලගේ මුහුණුපොතෙන් උපුටුගන්නා ලදී. ඡායාරූප – අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *