විදර්ශන කන්නන්ගර
යොහානි සිය රැප් ගීයෙන් පැනයක් ලෙස අසන තීරණාත්මක පද පෙළ මෙයයි.
එහෙත් ඇයට බනින (සහ ඇය වෙනුවෙන් පෙනී සිටින) සංවාදය කැරකෙන්නේ ‘සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය’ මාතෘකාව වටාය.
පුරුෂ ආත්ම වර්ධනයේ මුල් නිමේෂයන් ශිෂ්ණය (එහි රූපය) සමග සම්බන්දය.
ශිෂ්ණය සමග ඇති ජංජාලය සංකේතීයව අවරෝධනය කරගන්නා පිරිමියා වෙතින් සිය ශිෂ්ණ දිග පළල සංස්කෘතියේ පුරුෂ බල තරගයක් බවට විස්ථාපනය කෙරෙයි.
එහෙත් එම පූර්ව ඊඩිපල් ශිෂ්ණ වියවුලෙන් සංකේතීය නූල පැනීම අසමත් වූ විට ශරීරයම ශිෂ්ණයක් බවට පත්වූ ප්‍රාථමික පුරුෂත්ව රූපයක් ශේෂ වේ.
වත්මන් පසු ධනවාදයේ සංස්කෘතික ලෝකය තුළ පුරුෂත්වය ශරීරයක් බවට පිරිහෙළීම ගැන සංවාදයක් ඇත
අර කලින් සදහන් කරපු ළමා වියේ ශිෂ්ණ ජංජාලය අවරෝධනය කරල සංකේතීය පුරුෂත්වයකට අනන්‍ය වුනා කියල තමන්ගේ ශිෂ්ණය ගැන (එහි ප්‍රමාණ හා වැඩ කිඩ ගැන) ඇති උන්මාදය පිරිමින්ට මුළුමනින්ම අහෝසි වන්නේ නැත.
ස්ත්‍රියගේ කන්‍යාභාවය ‘සුදු රෙද්දේ ලේ පැල්ලමෙන් පරික්ෂා කිරීම’ යනු මේ අනුව ශිෂ්ඨාචාරයේ නූතනත්ව ඛණ්ඩාංකයන් ග්‍රහණය කරගැනීම වෙනුවෙන් අර පූර්ව ශිෂ්ණ වියවුල විසදා නොගත් හා ලිංගයම සිය ශරීරය බවට පත් බෙලහීන පුරුෂ මානසිකත්වයක ප්රකාශනයක් වැනිය. මෙය එක්තරා අයුරකින් සමකාලීන පසු නූතන පුරුෂභාවයේ ව්‍යාධිමය ස්වභාවය පිළිබදව වන සාකච්චාවකුත් මතක් කරදෙයි.
ඒ අනුව යොහානි සරලවම අහන්නෙ මේ වගේ දෙයකි.
‘සුදු රෙද්දේ ලේ පැල්ලමෙන් ස්ත්‍රියගේ කන්‍යාභාවය හොයන්නෙ ශිෂ්ණය දිග මදි නිසා නේද ?’
එවැනි පිරිමින්ට රිදෙන තැනට තමයි යොහානි ආමන්ත්‍රණය කරල අර පසුගාමී සංස්කෘතික ප්රශ්නය අහන්නෙ.
කොහොමටත් යොහානි වැනි කෙළිලොල් නව යෞවනියකගේ මුහුණුවරින් මේ සෘජු ප්රශ්නය ඇසෙන කොට අර වර්ගයේ සංස්කෘතික මනසක් නඩත්තු කරන වැඩිහිටි පුරුෂ ලිංග (එවැනි ස්ත්‍රීන්ද ඇතුළුව) හිරිවැටෙනව තමයි.
අන්තිමට මේකත් කිව යුතුයි.
ලෝකයේ රැප් ගීත කලාව හා එහි පදමාලා එක්ක සසදල බැලුවොත් නම් යොහානිගේ මේ ගීතයේ රැප් භාෂාව රැඩිකල් ප්‍රවේගයෙන් තොරයි.නිර්භය බව මදියි. අහිංසකයි !
(ඡායාරූප අන්තර්ජාලයෙනි)