රශ්මික මණ්ඩාවල
• පළවෙනි පොත ලියන්න මට අවුරුදු හතළිහක් ගියා.
• දුක ලාලසාවක් බවට පත්කරන්නත්, හුදෙකලාව මතකයක් බවට පත්කරන්නත් තමයි මම ලියන්නේ.
• මට ඕන ආදරය ගැන ලියන්න. මට ආදරය ගැන දිගින් දිගට හිතන්නත් ලියන්නත් ඕන – එහෙම නැත්නම් මගේ ආත්මය විනාස වෙයි.
• ඔබ යම් දෙයක් ගැන ලිපියක් ලියන කොට අඟුටුමිට්ටෝ ඒවට කමෙන්ට්වලින් පහර දෙනවා. ඒ අයට කළකිරීමක් දැනෙනවා – ඒත් වෛර කරන්නෝ පරාජිතයෝ. මේ අංගය පෝෂණය කරන එක හොඳ දෙයක් නෙමෙයි. අර්ථසාධක වීම වඩා බුද්ධිමත්.
• නයිට්වරුන්ගේ පළමු ඉගැන්වීම මේකයි: ඔබ මෙතෙක් ඔබේ ජීවිත පොතේ ලියා ඇති: නොසන්සුන්කම, අවිනිශ්චිතභාවය, බොරුව යන සියල්ල මකා දමන්න . මේ සියල්ල තිබුණ තැන ඔබ ධෛර්යය යන වචනය ලියන්න.
• පොත් කියන්නේ පණිවිඩ නෙමෙයි. මම ලියන්නේ මගේ ආත්මය වටහා ගන්න.
• අත්පොතක් බලාගෙන කාටවත් ආදරය කරන්න බැහැ. ඒ වගේම පාඨමාලාවක් කරලා කාටවත් ලියන්න ඉගෙනගන්න බැහැ. මම ඔබට කියන්නේ වෙනත් ලේඛකයන් සොයායන්න නෙමෙයි තමා තුළම වෙනස් පුද්ගලයන් සොයාගන්න කියායි. මොකද ලිවීම කියන්නේ ප්රීතියෙන් හා උනන්දුවෙන් කරන වෙනත් ක්රියාවකට වඩා වෙනස් එකක් නෙමෙයි.
• මම ලියන්නේ මගේ ආත්මයෙන්. විවේචනවලින් මට රිදෙන්නැති හේතුව මේකයි. මොකද ඒ මමමයි. ඒ මම නෙමෙයි නම්, මම වෙන කෙනෙක් බව පෙන්වන්න හදනවනම්, අන්න එතකොට ඒක මගේ ලෝක අසමබර කරන්න පුළුවන්. ඒත් මම දන්නවා මම කවුද කියලා.
• මම ලියන්නේ මගේ මනස හිස් කරලා හදවත පුරවගන්න.
• ලිවීම කියන්නේ ලෝකයේ හුදෙකලාම ක්රියාකාරකම්වලින් එකක්.
• මට පුළුවන්නම් මම වාසනාව සහ අහම්බය කියන වචන දෙක ගැන මහ පත විශ්වකෝශයක් ලියනවා.
(රශ්මික මණ්ඩාවල සිය ෆේස්බුක් ගිණුමේ පළකළ සටහනකින් උපුටා ගන්නා ලදී)