ධනංජය කරුණාරත්න
තරමක් නාටකීය විදිහට මම ඒක මෙහෙම කියන්නම්.
සිංහල ගීත අරගෙන නිරීක්ෂණයකට ලක් කළොත් ඉතා පැහැදිලිව පෙනෙන යථාර්තයක් තියෙනවා.
අපේ රට මැදට යන්න යන්න වැඩිපුර හමුවන සිංහල බෞද්ධ පාර්ශවයට ප්රසිද්ධියේ නටන්න පුරුදු කළේ මුහුදු කරයට යනකොට වැඩි වැඩියෙන් හමුවන සිල්වලා, පෙරේරලා, ප්රනාන්දුලා, සොයිසාලා සහ බැස්ටියන්ලා වගේ කට්ටියයි. ඔවුන් එක විදිහකටයි ජීවත් වෙමින් තව විදිහකට ගීයපු පිරිසක්ද නොවුණු අතර ඔවුන් ගැයුවේ ඔවුන්ගේ ජීවිතය යි.
සුමිහිරි පානේ පදමට ගහලා…
හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා…
ඒක දැවැන්ත සංස්කෘතික පෙරළියක්. මුලින්ම ඒකට අත ගහපු උන්ට යන්නට තිබුණේ එහෙම ප්රසිද්ධියේ කා බී එකට නැටීම අජූවයි කියලා හිතපු එවුන්ගේ නින්දා අපහාස උපහාස මැදයි.
අන්න ඒ ඩාන්ස් කරන්න ඉගැන්නූ මාස්ටර්ස්ලගෙන් තවත් විශේෂ සිල්වා කණුවකගේ අවසන් ගමනයි ඩෙස්මන්ඩ් ද සිල්වාගේ නික්ම යෑම.
කොහොම කලත් හෙට මැරෙන්න නියමිතව තිබුණු අතර අප සූදානම් වෙලා සිටියේ ජොලි නොකර මැරෙන්නටයි. ඩෙස්මන්ඩ් දෙව්මව් තුරුලේ සැතපේවා!