ආචාර්ය අතුලසිරි සමරකෝන්
පොදුවේ මෙරට විශ්වවිද්‍යාල තුළ අදහස් ප්රකාශනයේ අයිතියට බාධා එල්ලකරන පාර්ශ්ව කිහිපයකි. ශිෂ්‍යයකුව සිටියදී ලද අත්දැකීම් අනුව කිව හැක්කේ ශිෂ්‍යය දේශපාලනය බොහෝ විට තම මතවාදයට බැහැර අදහස් මර්දනය සඳහා ක්‍රියාකරන බවයි.
සමහරවිට තම දේශපාලනික අදහස් තබා සංස්කෘතික අදහස් පවා දැඩි වාරණයකට ලක්කිරීමට සිසුන් පෙළඹුන අවස්ථා දැක ඇත්තෙමි. එකල කොළඹ විවි තුළ x කණ්ඩායමේ කවයන් සංවිධානය කිරීම හා වෙනත් බොහෝ ස්වාධීන කවයන් සමග වැඩකිරීම සමහරවිට ප්‍රධාන වාමාංශික ශිෂ්‍යය කණ්ඩායමේ උදහසට ලක්වූ අවස්ථා තිබිණ.
එසේම එකළ ජනප්‍රිය කලාකරුවන්ට පවා යම් වාරණ එල්ලවිය. බේබි ශානිකාට ප්‍රසංගයකට ආරාධනා කරතිබීම විශාල අර්බූදයක් වූ අවස්ථාවක් මතකය විශේෂයෙන්ම සංවාද සදහා ගෙන්වන බාහිර පාර්ශවය දැඩි ලෙස තම දේශපාලනයට එරෙහි නම් විවිට ඇතුලුවීමට පවා ඉඩනොදුන් අවස්ථා පැවතුණි. වරෙක එකළ අන්තරේ කැදවුම්කරුට පවා කොළඹ විවි තහනම් විය. ඒ බලය ලද කණ්ඩායම අන්තරයට පක්ෂ නොවූ නිසාය.
විවි තුළ පරිපාලනය ද බොහෝවිට බාහිරින් පැමිණෙන සහ ශිෂ්‍යයන්ගෙන් ආරාධනා ලබන පාර්ශව දෙස ආරක්ෂක උකුසු ඇස සහ වාරණය යොමූකරයි. මා දන්නා පරිදි අරගලයට සම්බන්ධ පාර්ශවයන් පිළිබද දැඩි ප්රතිපත්තියකට පරිපාලකයන් එළඹෙන්නේ ආණ්ඩුවට අවනතභාවය දැක්වීමටය.
ඩඩ්ලි සිරිසේන සිද්ධිය මා දුටුවේ ප්‍රවෘත්තියක් වශයෙනි. නමුත් කුමන හෝ පුද්ගලයකුට කතා කිරීමට ඉඩදීමත්, ඔවුන් සමග සාකච්චාවත් කිසිම විටෙක මර්දනය නොකළ යුතුය. ශිෂ්‍යයන් හෝ පාලකයන් අදහස් මර්දනය කරනවා නම් එතැන සරසවියක් පැවතිය නොහැක.