වන් රෝඩ් – වන් බෙල්ට්

වන් රෝඩ් – වන් බෙල්ට්

ඩිල්ෂානි චතුරිකා දාබරේ

චීන පවුරක් ගාව
කෝට්ටේ තුඟු පවුර
පුයර උලලා තබා
දෙකෙහි ඝනකම මනිමු

සීගිරියෙ කුරුටු ගී
ලියන්නට මෙහෙ ආව
චීන ගොවිගෙවිලියෝ
කොමඩු බෑයක් කකා
අප්සරාවන් එක්ක
කී ලපලු වදන් පොඩි
කුරුටු අක්ෂර දිගේ
මත්ලොලින් සැරිසරමු

අලුයමට මැදියමට
චීන පලගනාවක්
කරදියෙන් පුරවනා
පිටිසරෙක කතකගේ
ගිම් කුටියෙ ගිම නිවමු

මෙහෙම ඇස් නටවනා
චීන බෝනික්කෙකුට
ආසාවෙ දගකරන
පොඩි මල්ලියගෙ අතට
නිදිකුම්බ මලක් දී
නිහාවො කියකියා
මගහැරලා නිදිකරමු

චීන සිහිනෙකින්
බයවෙච්චි අක්කාට
පෝට්සිටියෙන් ගත්ත
ලුණු වතුර ටික පොවමු

එතකොටත් වදදිදී
මුතු ඇටේ වටකරපු
ගිනි පිඹින මකරමුළු
වන් බෙල්ට් – වන් රෝඩ්
කිය කියා කැරකුණොත්
සෝතාප අඩි ලකුණු
මිටෙන්මිට මුදාහැර
ජිංපිංව සිහිකරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *