මලින්ත විතානගේ
දිනය 1945 ජූලි 16 වැනිදාය. ස්ථානය නිවි මෙක්සිකෝවේ ‘ජෝර්නාඩා ඩෙල් මුවර්ටෝ’ කාන්තාරයයි. ඔරලෝසුවෙි වෙිලාව පාන්දර 5.29 යනුවෙන් සටහන් වූයේ එය ලෝක ඉතිහාසයේ තීරණාත්මක වගේම බිහිසුණුම හෝරාව බව කඩදාසි පිටු අතර ලියැවෙමින්. ඇමරිකානු එක්සත් ජනපදයේ හමුදාව ප්‍රමුඛ රජයේ විද්‍යාඥයන් විසින් මෙි කාන්තාරයට එක්රැස්ව සැරසෙන්නේ ලොව ප්‍රථම පරමාණු බෝම්බය අත්හදා බැලීමටයි. ඔවුන් සැලසුම් කර පරිද්දෙන්ම කාන්තරයේ වැලි ගිනියමි බවට පත් කරමින් ප්ලුටෝනියමි සහිත ටොන් කිලෝ 24 ක TNT පුපුරණ ද්‍රව්‍ය රැගත් පරමාණු බෝමිබය පොකුරු ගිනිජාලා නංවමින් අවකාශයේ පුපුරා ගියේය. අහසේ වළාකුළු බිමිමලක හැඩය ගනිමින්, ඒ පුපුරා ගියේ මිනිස් ඉතිහාසයේ දරුණුතම මිනිස් සමූල ඝාතනය සිදු කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලය සාර්ථක බව තහවුරු කර ගනිමින්මයි.
ඉන් හරියටම දින 21කට පසු අගෝස්තු හය වැනි දා ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර දෙකට ඇමරිකාව විසින් අත්හදාබැලූ පරමාණු බෝම්බ ද්විත්වය ගුවනින් මුදා හැරියේය. මෙම පරමාණු බෝමිබ ද්ව්ත්වය නිසා ජපානයේ මියගිය මුළු මනුෂ්‍යයන් ගණන ලක්ෂ දෙකකට වැඩිය. පරමාණු විකිරණ නිසා අංගවිකල වූ මිනිසුන් ගණන ලක්ෂයටත් වැඩිය. මෙි මහා මිනිස් සමූල ඝාතනයට වගකිව යුත්තා වන්නේ ‘පරමාණු බෝමිබය’ නිර්මාණය කළ ‘J.රොබට් ඕපන්හයිමර්’ ප්‍රමුඛ ඇමරිකානු රජය වෙි. මෙි අති විනාශකාරී බෝමිබය නිපදවීමත් සමඟ ඔපන්හයිමර්ව ‘සාතන්’ නමින් හැඳින්වූයේ ය. දශක ගණනාවකට පසු නැවතත් සැමගේම මරණය කැඳවන්නා නොහොත් ‘ඔිපන්හයිමර්’ නම කතා බහට ලක් වෙන්න පටන් අරන්.
මෙි දිනවල සිනමා ලෝකයේ රසිකයන් අතර වැඩිපුරම කතා බහට ලක්වෙන චිත්‍රපටය ‘Oppenheimer’ චිත්‍රපටය බව නමි කිසිදු සැකයක් නෑ. ‘ඕපන්හයිමර්’ වගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ‘ක්‍රිස්ටෝපර් නෝලන්’ ගැන පවා මෙි දිනවල දැඩි කතාබහට ලක්වන සුවිශේෂී චරිතයක් බවට පත්වෙලා. ‘ඕපන්හෙයිමර්’ චිත්‍රපටය මෙිතරම් කතා බහට ලක්වන චිත්‍රපටයක් බවට පත්වෙන්න විශේෂ හේතු කීපයක් තිබෙනවා. එකක් තමයි ‘ඕපන්හෙයිමර්’ චිත්‍රපටයට සමගාමීව ජූලි 12 වැනිදාම තිරගත වන ආන්දෝලනාත්මක ‘Barbie’ චිත්‍රපටය ද එදිනට තිරගත කිරීමට නියමිතව තිබීමයි.
අනෙක් අතට ‘ඕපන්හෙයිමර්’ චිත්‍රපටය පාදක වෙන්නේ ලෝක ඉතිහාසයේ දරුණුතම මිනිස් ඝාතනය සිදු කරන්නට හේතු වුණ පරමාණු බෝමිබයේ පියා(Father of the atomic Bomb) හෙවත් නිර්මාතෘවරයා වන ‘ජේ.රොබට් ඕපන්හෙයිමර්’ නම් භෞතික විද්‍යාඥයාගේ චරිතය පාදක කරගෙන වීමයි. ‘Oppenheimer’ චිත්‍රපටය පාදක කරගන්නේ 2005 වසරේ ‘Kai Bird’ සහ ‘Martin J. Sherwin’ දෙපළ විසින් රචනා කළ ලද ‘American Prometheus’ නම් රොබටි ඔපන්හයිමර්ගේ චරිතය කේන්ද්‍ර කරගත් චරිතාපදාන(Biography) කෘතියයි. මෙම කෘතිය සඳහා 2006 වසරේ පුලිට්සර් සාහිත්‍යය සම්මානය පවා දිනාගනු ලැබිණ.
රොබටි ඔපන්හයිමර් ‘මැන්හැටන් ව්‍යාපෘතියේ’ අධ්‍යක්ෂවරයා සේම න්‍යෂ්ටික බෝමිබය නිර්මාණය කළ පුද්ගලයා ද වෙයි. ‘මැන්හැටන් ව්‍යාපෘතිය’ යනුවෙන් හඳුන්වන්නේ දෙවන ලෝක යුධ සමයේදී න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමෙි අරමුණින් යුතුව ක්‍රියාත්මක වූ පර්යේෂණාත්මක ව්‍යාපෘතියකි. මෙය ඇමරිකාව ප්‍රමුඛත්වය දැරූ අතර මෙම ව්‍යාපෘතිය ඇමරිකාවෙි එවකට සිටි හමුදා ඉංජිනේරු බලකායේ මෙිජර් ජෙනරාල් ‘ලෙස්ලි ග්‍රොවිස්ගේ’ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය. මෙම න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීමෙි මූලස්ථානය පිහිටියේ ඇමරිකාවෙි ‘මැන්හැටන්’ දිස්ත්‍රික්කයේ නිසා මෙම ව්‍යාපෘතිය මැන්හැටන් ව්‍යාපෘතිය නමින් හඳුන්වයි.
‘ඔපන්හෙයිමර්’ චිත්‍රපටය නිර්මාණය කරන්නේ දැනට හොලිවුඩයේ සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂවරයකු වන ‘ක්‍රිස්ටෝපර් නෝලන්’ විසින්. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘Memento’, ‘Batman Begins’, ‘The Dark Knight’, ‘The Dark Knight Rises’, ‘The Prestige’, ‘Inception’, Interstellar’, ‘Dunkirk’, සහ ‘Tenet’ යන චිත්‍රපට සියල්ලම පාහේ විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතර ඉහළ ගණයේ ප්‍රතිචාර සමඟින් සමිමාන උළෙලවල් රැසකදි සමිමාන පිට සමිමාන පවා හිමිකරගන්නට සමත් වුණා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘ජේ.රොබට් ඔපන්හෙයිමර්ගේ’ චරිතය නිරූපණය කරන්නේ හොලිවුඩි සිනමාවෙි අති දක්ෂ රංගන ශිල්පියෙකු වන ‘කිලියන් මර්ෆි’ විසින්. ‘කිලියන් මර්ෆි’ වඩාත් ජනප්‍රිය වූයේ ‘Peaky Blinders’ නම් කතා මාලාවෙි ‘ටොම් ෂෙල්බි’ නමි පාතාල නායකයාගේ චරිතය නිරූපණය කිරීම හරහායි. සුප්‍රකට නිළි ‘එමිලි බ්ලන්ට්’ විසින් රොබට් ඔපන්හයිමර්ගේ බිරිඳ වන ‘කැතරින් කීටි ඔපන්හයිමර්’ චරිතය සඳහා පණ පොවයි. චිත්‍රපටයේ අනෙකුත් අවශේෂ චරිත සඳහා ‘මැට් ඩේමන්’, ‘රොබට් ඩව්නි ජූනියර්’, ‘ෆ්ලෝරන්ස් පු’, ‘ජෝෂ් හාර්ට්නෙට්’, ‘කේසි ඇෆ්ලෙක්’, ‘රමි මලෙක්’ සහ ‘කෙනත් බ්‍රනාග්’ විසින් නිරූපණය කරයි. චිත්‍රපටය පැය තුනක් වැනි දිගු ධාවන කාලයක් සහිත වන අතර ‘Oppenheimer’ ලොවපුරා බෙදාහරින්නේ ‘යුනිවර්සල් පික්චර්ස්’ සමාගම විසිනි.
ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වියදමක් දරමින් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ‘එමා තෝමස්’, ‘චාර්ල් රෝවන්’ සහ ‘ක්‍රිස්ටෝපර් නෝලන්’ වේ. චිත්‍රපටය තිරරචනය සිදු කර ඇත්තේ ද අධ්‍යක්ෂ ‘ක්‍රිස්ටෝපර් නෝලන්’ විසින්මයි. චිත්‍රපටයේ සියලු රූගත කිරීමි ඇමරිකාවෙි නිව් ජර්සි හි ‘ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ’ සහ ‘කැලිෆෝනියා විශ්වවිද්‍යාලය’ ආශ්‍රිතවයි. ක්‍රිස්ටෝපර් නෝලන් මාධ්‍ය වෙත පැවසුවෙි තමා චිත්‍රපටය සඳහා CGI (Computer-generated imagery) භාවිතා කර නොමැති බවයි. නෝලන් විසින් CGI භාවිතා කිරීමට වැඩි කැමැත්තක් නොදක්වන අතර ඔහු අධ්‍යක්ෂණය කළ ‘Tenet’ චිත්‍රපටය සඳහා ගුවන් යානාවක් සැබෑවටම පුපුරුවා හැරියේය. CGI වෙනුවට සැබෑ න්‍යෂ්ටික බෝමිබ පිපිරීමි දර්ශන නිර්මාණය කර ඇත්තේ ‘පෙට්‍රල්, ප්‍රොපේන්, ඇලුමිනියම් කුඩු, මැග්නීසියම් යන පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කළ ව්‍යාජ පිපිරීමි දර්ශන වේ.
පසුතල නිර්මාණය, පසුබිමි සංගීතය සියල්ල චිත්‍රපටය සාර්ථකත්වය වෙනුවෙන් සිදු කර ඇති මෙහෙය අති විශාලයි. Hoyte van Hoytemaගේ කැමරාව සහ Ludwig Göranssonගේ සංගීතය නෝලන්ගේ ඔපන්හයිමර් ඔප දමා ඇත. චිත්‍රපටය තුළ නෝලන් විසින් ඔපන්හයිමර් චරිතය උත්කර්ෂයට නැංවීමක් සිදු කරන්නේ නැත. අනාගතයේ සිදුවීමට නියමිත බවට පුරෝකථනය කළ හැකි න්‍යෂ්ටික යුද්ධය සඳහා පදනම සකස් කිරීමට ඔිපන්හයිමර් දැමු අඩිතාලම ඉතාමත් ඛෙිදවාචකයක් බව නෝලන් විසින් ඔපන්හයිමර් චෝදනාවට නඟයි. ඔහු ඔිපන්හයමර් සෘජුව චෝදනාවට ලක් කරන්නේ නැත. ඔහුට චෝදනාව දමන්නේ අප ලවාය. ඕපන්හයිමර් යනු 100% නරක මිනිසෙකු නොවෙි. පරමාණු බෝමිබය නිපදවීමට ඔහු සිය දිවියේ හොඳ ම අඩවිය කැප කළහ. ඔහුගේ නිර්මාණය නොවන්නට දෙවන ලෝක යුද්ධයේ දිශාව කිනමි අතට ගමන් කරාවිද යන්න සිතාගත නොහැකිවන්නට තිබුණා. මිනිස් ජීවිත නැසීම වෙනුවෙන් සිදු කරන අප්‍රමාණ කාර්යයෙහි නියැළෙන දාඩියවලින් නැහැවුණු මුහුණු, වෙහෙස මහන්සිය චිත්‍රපටය පුරාවටම දක්නට ලැබෙි. සිනමාශාලාවකට ගිහින් අසුනක් වෙන් කරගෙන ලෝකයට මරණය කැඳ වූ, මෙි අමරණීය පුද්ගලයාගේ සංකීර්ණ ජීවිත කතාන්තරය දැකගන්න කියන නිර්දේශයත් කරන අතරම, 2023 වසරට අදාළව මා නැරඹු විශිෂ්ටතම චිත්‍රපටය ‘Oppenheimer’ බවයි මගේ අදහස.
(ලේඛකයා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් උපුටාගන්නා ලදී. ඡායාරූප අන්තර්ජාලයෙනි)