“මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නෑ”

“මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නෑ”

“ඔබට මම අද ගෙනාව මල් වෙඩිල්ලක්. මල් ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වීසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ.‘‘ 

කරුණාරත්න අබේසේකර 1963 මාර්තු 31 වැනිදා දහවල් 12.20ට ගුවන් විදුලියෙන් ලස්සනට පිපුණු වනමල් ගීය මුල්වරට ප්‍රචාරය කරමින්, නිහාල් නෙල්සන්ව රටට හඳුන්වාදුන් අවස්ථාවේ කළ ප්‍රකාශයකි.

(මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරගේ facebook සටහනකින් උපුටා ගන්නා ලදී. )

* * *

මම මගේ කල්‍යාණ මිත්‍ර සරත් මුණසිංහට කියලා “ලස්සනට පිපුණ වන මල්“ ගීතයේ පදමාලාව අලංකාර කර ගත්තා. මේ 1963 වසරේ පෙබරවාරි මාසේ. ගීතය පටිගත කළේ කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේ. මර්වින් රුද්‍රිගු මාස්ටර් ශබ්ද පරිපාලක. ගීතය පටිගත කරලා ඉවරවෙලා අපි ඒක අහන කොට කරු අයියා (කරුණාරත්න අබේසේකර) ශබ්දාගාරයට ආවා.

“මර්වින් මේ කොල්ලා හොඳට කියලා තියෙනවා. මම අහගෙන හිටියේ. මට ඕක ටේප් එකකට ගහලා දෙන්න. මම ඕක හෙට දවල් 11ට ගුවන් විදුලියේ කොමර්ෂල් එකෙන් ප්‍රචාරය කරන්නම්.“

“මට මේක හිතා ගන්නත් අමාරුයි. මම පහුවෙනිදා මුළු දවසම රේඩියෝව ළඟින් හෙල්ලුනේ නෑ. ගෙදර අයටත්, යාළුවෝ, නෑයින්ටත් කිව්වා. දිනය 1963 මාර්තු 31. වේලාව දහවල් 12.20යි. කරු අයියාගේ කට හඬ එදා හරිම ප්‍රාණවත්.

“ඔබට මම අද ගෙනාව මල් වෙඩිල්ලක්. මල් ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වීසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ.

කරු අයියා මා ගැන එදා කළ වර්ණනවා එක අකුරක්වත් අඩු නැතිව මතකයි. මගේ ගායන ජීවිතයේ පටන් ගැනම එතැන. මට ඕනෑම දෙයක් අකුරක් නෑර මතකයි.

(2021 ජූලි මස 24 වන දින සිළුමිණ පුවත්පතේ පළ වූ, ඒ.ඩී. රන්ජිත් කුමාර ලියූ ‘පීචං නොවී ප්‍රබුද්ධ වූ ගී ලොව මල් වෙඩිල්ල’ ලිපියෙන් උපුටාගන්නා ලද කොටසකි.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *