ධාරණවාදය යනු ආලෝකය ගැන දැනගැනීම නොව, වේළී ඇති කුසපොතු ගැන දැනගැනීමයි -The Potato Eaters-

ධාරණවාදය යනු ආලෝකය ගැන දැනගැනීම නොව, වේළී ඇති කුසපොතු ගැන දැනගැනීමයි -The Potato Eaters-

සමරකෝන් පතිරාජ

මෙය වෙන කෙනෙක් පරිවර්තනය කළා නම් ‘අර්තාපල් අනුභව කරන්නෝ’ යි කියනු ඇත. නමුත් කෑම තරම් අනුභව කිරීමක් ගොවියන්ට, කම්කරුවන්ට නැත.

වැන් හොහ්ගේ ලන්දේසි යුගයේ සිතුවම් අතරින් වඩාත් ප්‍රචලිත වූයේ අර්තාපල් කන්නෝ ය. The Potato Eaters  (මෙය වෙන කෙනෙක් පරිවර්තනය කළා නම් ‘අර්තාපල් අනුභව කරන්නෝ’ යි කියනු ඇත. නමුත් කෑම තරම් අනුභව කිරීමක් ගොවියන්ට, කම්කරුවන්ට නැත.) _

මෙය ලන්දේසි සිතුවම් ශිල්පියා, 1885 වසරේ අප්‍රේල් මාසයේ දී තෙල් සායමින් කරන ලද පින්තාරුවකි. එය ඇම්ස්ටර්ඩෑම්හි වැන් හොහ් කෞතුකාගාරයේ ඇත. මෙහි සැබෑ සංක්ෂිප්ත නිර්මාණය ඔටර්ලෝ හි ක්‍රොලර්-මුලර් කෞතුකාගාරයේ ඇත. මෙම සිතුවම වැන් හොහ්ගේ විශිෂ්ඨතම කෘතියක් ලෙස සැලකේ.  එම වසරේ මාර්තුවලදී මෙම සිතුවම ගැන සටහන් තබා ඇති අතර ඒ අතරතුර සිය සහෝදරයා සමග ලිපි හුවමාරු කරගෙන ඇත.

සිතුවම කියවීමට ඒ කාලය තුළ ලියන ලද ලිපි, තැබූ සටහන්, ජීවන විලාශය, ආගිය තැන් ඉතා වැදගත් වේ. මේ දවස්වල වින්සන්ට්ගේ වැඩ ගැන තියෝ පැහැදීමෙන් සිටියේ නැත. දාතම හැටියට අප්‍රේල් 13 සිට මැයි මස මුල දක්වා මේ සිතුවමේ වැඩ කර ඇත. ඊට පසු එම වසරේ ඇතැම් දවස්වල මේ සිතුවමේ කුඩා පින්සලකින් යම් යම් සුළු වෙනස්කම් කිහිපයක් කර ඇත. ඔහු පැවසුවේ ගොවීන් සැබෑ ලෙස ම නිරූපණය කිරීමට තමාට අවශ්‍ය බවයි. ඔහු හිතාමතාම ගොරෝසු හා කැත ආකෘති තෝරා ගෙන ඇත.  වැන් හොහ් ඉන් වසර දෙකකට පසුත් තම සොයුරිය වන විලෙමිනාට ලියුවේ තවමත් වඩාත්ම සාර්ථක සිතුවම ලෙස අර්තාපල් කන්නෝ සලකන බව ය.

 “මගේම වැඩ ගැන මට හිතෙන දේ නම් නූනෙන්හි දී මා කළ අර්තාපල් කන ගොවීන්ගේ සිතුවම මාගේ හොඳම එක බවයි.”

කෙසේ වෙතත් මෙම සිතුවම කළ විගස ඔහුගේ මිතුරා වූ ඇන්තන් වැන් රැපර්ඩ් විසින් විවේචනය කරන ලදි. මෙය නැගී එන කලාකරුවකු ලෙස වැන් හොහ්ට මරු පහරක් විය. ඔහු තම මිතුරාට මෙසේ ලිවීය.

“ඔබට එය ආකාරයට මගේ වැඩ හෙළා දැකීමට අයිතියක් නැත.“(July 1885)

 පසුව නැවතත්

“ එය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම සදහා මම තවමත් මට නොහැකි දේ කරමින් සිටිමි.”

යනුවෙන් ලිවීය.  චිත්‍රය නිසි ලෙස ආරම්භ කිරීමට පෙර වැන් හොහ් විසින් අර්තාපල් කෑමේ අනුකාරක ලිතෝග්‍රැෆයක් සකස් කළේය. ඔහුට අවශ්‍ය වූයේ ගොවීන්ගේ අව්‍යාජත්වය නිරූපණය කිරීමටය. කෘතිය සමග තමාගේ චින්තනය එක් විය යුතුය. කෘතිය සමග අනන්‍ය නොවන්නේ නම් වැඩ නොකළ යුතුය.  බොහෝ දෙනා වැන් හොහ් උපස්ථිතිවාදියකු බව කියයි. නමුත් ඔහු වැඩි කැමැත්තක් පෙනු වූයේ ඊශ්‍රායලයේ ශිල්පියකු වන ඇන්ටන් මවුව් හට ය. 1884 ජුනි මැද භාගයේදී සහෝදර තියෝ වෙත යැවූ ලිපියක වින්සන්ට් මෙසේ සඳහන් කරයි.

“ඔබ අලුත් නම් (නම>නම්) ගණනාවක් ගැන කතා කරයි. මම ඔවුන්ගෙන් කිසිවකු දැක නැති බැවින් මට එය තේරුම්ගත නොහැක. ඔබ උපස්ථිතිවාදය (ධාරණවාදය) යැයි පැවසූ දෙයින් එය මා පෙර සිතූ දෙයට වඩා වෙනස් දෙයක් බව වටහා ගතිමි. නමුත් එයින් යමෙකු තේරුම් ගත යුත්තේ කුමක්ද යන්න තවමත් මට සම්පූර්ණයෙන්ම පැහැදිලි නැත.  නමුත් මගේ පැත්තෙන් ඊශ්‍රායෙල්වරුන්ගෙන් මම බොහෝ දේ සොයාගතිමි. මම වෙනස් හෝ අලුත් දෙයක් ගැන විශේෂයෙන් කුතුහලයෙන් හෝ උනන්දුවෙන් නොසිටින බව කිව යුතු ය.”

ඔහු A Peasant Family at the Table ගැන පසු කලෙක තියෝ වෙත මෙසේ ලිවීය.

“මට මුදල් තිබුණත් සිතුවම් ඇදීම සදහා මම නිරහාරව සිටීම ඊටත් වඩා ශක්තිමත් ය. මගේ උදෑසන ආහාරය මා ජීවත්වන මිනිසුන් සමග වෙළී ඇත. රෑට කොපි කෝප්පයක් සහ පාන් කෑල්ලක්…”

ඔහුට අනුව  ධාරණවාදය යනු ආලෝකය ගැන දැනගැනීම නොව වේළී ඇති කුසපොතු ගැන දැනගැනීමයි. සකේතීය වටිනාකම් උදෙසා දුගියන් ගැන දුක්වන ගමන්, දුප්පත් මිනිසුන්ව සිතුවම් කරන අතරතුර බඩ පැළෙන්න ආහාර ගිලදමා ඔබට එය කළ නොහැකි බව වැන් හොහ් කියයි. කෘතියට විෂය වන්නේ කම්කරු පන්තියේ ජීවිතයේ කටුක යථාර්ථයයි. ලන්දේසි තේරුම නම් අර්තාපල් යනු පෘථිවියේ ඇපල් ය. (The Potato Eaters මුල් සැකසුම සහ අවසන් සංස්කරණය පිලිවෙලින් 1991 දී සහ 1988 දී දෙවතාවක් සොරාගැනීමකට ලක් වූ නමුත් නැවත සොයාගෙන ඇත.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *