ජනක ඉනිමංකඩ
යුරෝපා සිනමා උළෙල කොළඹ දී මේ යළි ඇරඹෙන්නේ අවුරුදු කිහිපයක විරාමයකට පසුවය.
විශේෂ ආරාධිතයන් වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරුණු Guillaume Senez ගේ Our Struggle සමඟින්, චිත්‍රපටයේ අධ්යක්ෂවරයාගේද සහභාගීත්වයෙන්, උළෙල ඊයේ සවස ආරම්භ විය. Our Struggle සංකීර්ණ නොවන සිනමා බසකින් කළ චිත්‍රපටයකි.
සාමාන්‍යයෙන් යුරෝපා සිනමා උළෙල අරඹමින් වෙනදාට අනෝමා අපට ඉදිරිපත් කරන චිත්‍රපටය නරඹා දැනෙන ‘වාව්’ හැඟීම නොදැනුනද එය නැරඹිය යුතු චිත්‍රපටයකි. Guillaume Senez විසින් Our Struggle හරහා ගෙනෙන දේශපාලනික තේමාව Ken Loach ගේ සිනමාව හරහා විශිෂ්ටව නරඹා ඇති අයට මෙය අලුත් අහ්ලාදයක් ජනිත කරන්නේ නැත.
තල දෙකක (නිවස | සේවා ස්ථානය), වෙනස් හැඩයන්ගෙන් ක්‍රියාත්මක වන පීතෘ භූමිකාව හා නව ධනේෂ්වර බහු නිශ්පාදික වෙළඳ ආකල්ප විසින් කුටුම්භයන් හා තනි පුද්ගල ජීවිත අර්බුධයට පත් කරලීම මෙම කෘතිය තුළ Guillaume Senez පුමුඛව ඉස්මතු කරන්නේ වුව එය සිනමා කෘතියක් ලෙස ප්රබලව මට දැනුණේ නැත.
Oliver තම සේවා ස්ථානයේ ඉහළ මාලයක සිට සේවා බිම දකින දර්ශනයේ ඇමසන් ආයතනය වැනි ඒ ආයතනයේ ගොඩ ගැසී ඇති භාණඩ කන්ද පෙනෙන ෆ්‍රේම් එකට සේම, අවස්ථා දෙකකදී fragile යන වචනය දෙබස් වලදී භාවිතා වන අවස්ථාවන් වලටද, කුඩා රෝසි තම පියා සහෝදරයාට උපන්දිනයට තිළිණ කළ බැක් පැක් එකට ඔහු ආසා නොවුණත් තාත්තාගේ සිත රිදේ යැයි සිතා එය නොපැවසීම හෙළිදරව් කරන තැන් කෘතියේ මට වඩාත් තදින් දැනුණු අවස්ථාය.
* * *
සිනමාව නැරඹීමේ පහසු අවස්ථා වර්ථමානයේ බහුල වුවද, එය පුළුල් තිරයේ, පිරිස සමඟ එක්ව නැරඹීමේ හැඟීම ඒ කිසිවකින් අත්පත් කරගත නොහැක. හොඳ චිත්‍රපට ගණනාවක් පෙන්වන යුරෝපා සිනමා උළෙල මා මඟ නොහැර නරඹන්නේ එබැවිනි.