ආචාර්ය අතුලසිරි සමරකෝන්
අරගලය යනු කුමක්ද යන්න නිශ්චිතව අර්ථ දක්වා ගැනීමට නොහැකිවූ වසරක් නැවත ගෙවී ගොස් ඇත. නව වසර තුළද සිදුවිය හැකි එක නිශ්චිත යමක් වේ නම් ඒ දේශපාලන අවිනිශ්චිතතාව වැඩී වර්ධනය වීම හා සමාජය ඉතා භයානක ලෙස අක්‍රීය සමාජීයතාවය දෙසට ගමන් කිරීමයි.
ආර්ථික අර්බූදය විසින් කිසිදු වාමාංශික දේශපාලන බලයකට නිශ්චිත සුජාතභාවයක් ලබා දී නැත. බහුතර ජනයා බලා සිටින්නේ තත්වය වෙනස්වන දිශාව දෙස නොව පවතින තත්වය තුළ දේවල් කෙසේ හෝ සිදු කරගන්නේ කෙසේද යන තත්වය දෙසය.
එම නිසා සමාජයතුළ පවතින්නේ වෙනසක අපේක්ෂාවකට වඩා වෙනස යනු කුමක්දැයි කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකි තත්වයකි. එය එක් ආකාරයකට සාමූහික අසාර්ථකභාවයක හා අරාජිකමය ව්යාකූලභාවයක ප්‍රතිපලයකි.
තවදුරටත් කළ යුත්තේ කුමක්ද යන ප්රශ්නය දේශපාලනිකව මූලෝපායික දිශාව වෙත අප ගෙන යන්නේ නැත. ඒ වෙනුවට නොකළ යුතු දේවල් සිදු කිරීම හරහා අප කළ යුතු දෙයට ප්රතිපක්ෂව අරගල කරමින් සිටිමු. සිදුවිය යුතුව තිබුනේ සවිංඤාණය ගොඩ නැගීම නම් ඒ වෙනුවට මඩ ගැසීමේ හා වෛර කිරීමේ දේශපාලනය ගොඩ නගා තිබේ.
නමුත් කිසිවක් පුද්ගලික තලයක ගැටලුවක් නොවෙයි. අපට සවිංඤාණය වෙනුවට ලෑබී ඇත්තේ ඉන්ද්‍රීය ප්‍රීනනය වීම ධනවාදයේ බලගතු බව කියාපාන දෙයක් මිස මාක්ස්ගේ වරදක් නොවෙයි. කිසිවෙකුට දුෂ්කර ජීවිතයක් අවශ්‍ය නැත. මගේ වමේ මිතුරන් රට හැරගොස් වම දිනවීමට කටයුතු කරන අතර මගේ දේශපාලනය විවේචනය කරන මඩ පෝස්ට් සෑදීම ජාතික රාජ්‍යයේ අර්බූදයක් ලෙස පමණක් තේරුම් ගැනීම ප්රමාණවත්ය
දේශපාලනය ඉතාම සරළ ක්‍රියාවකි. රනිල්, සජිත්, අනුර, සහ ධම්මික හෝ පාඨලී ඔබ ඉදිරියට එනු ඇත. නමුත් දේශපාලන ගැටලුව යනු කුමක්දැයි වෙනුවට ඔබ වඩාත් සැළකිළිමත් විය යුත්තේ ඔබගේ ආශාව සහ නිදහස ගැනය. මන්ද පොදු ක්‍රියාවක නැතිනම් දේශපාලනයේ සාරය සැමවිටම ගොඩනැගෙන්නේ දේශපාලනය හරහා අර්ථ දක්වා ගැනීමට නොහැකි කලාපවලිනි. සැබවින්ම දේශපාලනය අතිශය පෞද්ගලි තෝරා ගැනීමක ප්රතිඵලයකි……එය ධනපතියාට සේ ම නිර්ධනයාටද එක සේ ම පොදු තත්වයකි…..