උපුල් කුමාරප්පෙරුම
එක්නැලිගොඩ මහත්මිය මා හමුවන්නට පළමුව පැමිණෙන්නේ 2012 වර්ෂයේ ජුනී මාසයේ දිනක රාත්‍රී කාලයේදී. ඇය සුදු පැහැති කපු රෙද්දෙන් මැසූ සාරියකින් සැරසී විශාල ලිපිගොනුවක් සමඟ මාගේ කාර්යාලයට පැමිණියා. ඇය මා ඉදිරියේ අසුන්ගත් පසු පළමුව වතුර වීදුරුවක් ඉල්ලා සිටියා. ඇය දහදියෙන් තෙත්වී සිටි නිසා, ඇයම කියා සිටියා ඇය සෑහෙන දුරක් පයින් ඇවිද ආ බව.
ඇයට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති ඇයගේ ස්වාමියා අතුරුදහන් වීම සම්බන්ධයෙන් වූ නඩුවට මාගේ සේවය ලබාගැනීමට අවශ්‍ය වී තිබුණ. ඒ කාලයේ ඒ ආකාරයේ වෙනත් නඩු කිහිපයක් වෙනුවෙන් මා පෙනී සිටි නිසා වෙනත් නීතිඥවරයෙකුගේ සේවය ලබාගන්නට හැකියාවක් ඇත්ද යන කාරණය ඇගෙන් විමසා සිටියා. ඇයට මා ගැන තොරතුරු කීවේ ක්‍රිෂ්මාල් වර්ණසූරිය සහ ක්‍රිෂාන්ත වැලිඅමුණ මහත්වරුන් බවත් වෙනත් නීතිඥයෙකු සොයා ගැනීමට ඇයට ඒ අවස්ථාවේදි හැකියාවක් නොමැති බවත් ඇය කියා සිටියා.
කෙසේ හෝ මාගේ බිරියට මුලදී යම් කැළඹීමක් තිබුණද මා ඇය වෙනුවෙන් පෙනී සිටින්නට එකඟ වූවා. ඒ ඇය ඒ වෙලාවෙ කළ ඉල්ලීම නිසා. ඇය මා හමුවන්නට උදය කලුපතිරණ, එහෙම නැත්නම් කුමාරි කුමාරගමගේ, එහෙමත් නැත්නම් වෙනත් සහෝදරයෙක් සහෝදරියක් එක්ක පැමිණියා. තවත් සමහර දිනවල ඇගේ වැඩිමහල් පුතා හෝ පුතුන් දෙදෙනා සමඟම පැමිණියා. ඒ කාලයේ ඒ පොඩි දරුවාට අවුරුදු පහක් හයක් විතර ඇති, ඔහු කම්පනයකින් හිටියෙ. වැඩි කතාබහක් කළේ නැහැ. ඔවුන් ගමන් බිමන් පවා ගියේ දැඩි සෝදිසියකින්. රාජ්‍යයේ පීඩාකාරි හස්තය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වෙද්දි මිනිස්සු අසරණ වෙනව, මිනිස්සු බය වෙනව, සුළු චලනයකට පවා මිනිස්සු ගැස්සෙනව. ඒ සියලු දේ ඒ ජීවිතවල තිබුණ.
ඇය ඇයගේ සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා තවමත් සටන් කරනව. නීතිඥයෙකු විදියට මා තවමත් ඇයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනව. ඒත් බොහෝ දේ කාලය සමඟ වෙනස්වෙලා, මේ පින්තූරයත් එයට හොඳම උදාහරණයක්. සමහර කාරණා සම්බන්ධයෙන් තීරණ ලැබෙන්නෙ නීති පොත්වලින්ම නෙවෙයි, Judged by Peers !!!