වික්ටර් අයිවන්
- 2025 තරඟයේ දී ගෝඨාභය පරාජය කිරීම සදහා තරග බිමට ගත යුතු ව තිබෙන ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න දේශපාලන තලයේ ඉහළ මාලවල සිටින අය අතර කතා බහට ලක්වෙමින් තිබෙන ජනප්‍රියම මාතෘකාව වී තිබෙන්නේ යැයි කිව හැකිය.
2. ලංකාව තවමත් දේශපාලන වශයෙන් කල්පනා කරමින් සිටින අති සරල ස්වභාවයේ තරම ඉන් පෙන්නුම් කරන්නේ යැයි කිව හැකිය.
3. ලංකාවට තවත් 2015 ක් අවශ්‍ය නැත. අසම්මත ආකාරයකට නායකයෙක් සොයා ගැනීමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂව තාවකාලික වශයෙන් පරාජය කිරීමට හැකි වුවද අවසාන විග්රහයේදී ඒ නිසා රටට සිදුවූ විනාශය අති විශාලය. එ. ජා. පක්ෂය සිය පැවැත්ම නැති භංග කරගත්තේ ඒ නිසාය.
4. රටේ පවතින ක්‍රමය වෙනස් කළයුත්තේ ජනාධිපතිවරණයක් ජය ගැනීම මගින් යැයි විශ්වාස කිරීම විචක්ශ්නව සිතීමක් ලෙස සැලකිය නොහැකිය. ජනාධිපතිවරණ තරග බිම සකස් කර තිබෙන්නේම දූෂිත වී එය ජය ගත යුතු ආකාරයටය. ජනාධිපතිවරණයක් ජය ගැනීම සදහා ලොකු වියදමක් අවශ්‍යය. 2015 දී එය රුපියල් බිලියන තුනකි. වර්තමානයේ එය රුපියල් බිලියන 4ක් හෝ 5 ක් විය හැකිය. ඒ මුදල සොයා ගැනීම සදහා අපේක්ෂකයාට කළු සල්ලිකාරයින් කිහිප දෙනෙකුගේ සොදුරු සිරකරුවකු බවට පත්වන්නට සිදු වේ. අනෙක් අතට අපේක්ෂකයා ජය ගැනීමෙන් පසු ජනාධිපති ක්‍රමයට හිමි බලයේ රස උරා බීමේ ආශාවක් ඇති වුවහොත් විය හැක්කේ කුමක්ද?
5. ක්‍රමය දැන් තිබෙන්නේ ශක්තිමත් තත්වයක නොව හොදටම ජරාජීර්ණ වී කෑලි කඩා හැලෙමින් තිබෙන තත්වයකය. ඊලග ජනාධිපතිවරණය තෙක් රට ලොකු සිදුවීම් වලින් තොරව සන්සුන් තත්වයක පවතිනු ඇතැයි සිතිය නොහැකිය. බොහෝ දේවල් සිදුවනු ඇති අතර ඒ නිසා ඊළග ජනාධිපතිවරණයට පෙර වුවද ක්‍රමය කඩා බිඳ වැටෙන තත්වයක් පවා ඇති විය හැකිය. එසේ වුවහොත් ජනාධිපති ධූරය අල්ලාගෙන ක්‍රමය වෙනස් කරන්න දකින සිහින මනෝ විකාර බවට පත් වනු ඇත්තේය.
6. කඩා වැටෙන්නට නියමිත දේශපාලන ක්‍රමය ශක්තිමත් කිරීමට හේතුවන දේවල් නොකළ යුතුය. ඒ වෙනුවට කළ යුත්තේ උපරිම තත්වයකට ජරාජීර්ණ වී කඩා බිදහැලෙමින් තිබෙන දූෂිත දේශපාලන ක්‍රමය හිරකොට රටේ යහපතට හේතුවන නවීන, යහපත් හා කාර්යක්ෂම දේශපාලන ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ අවකාශයක් දිනාගැනීම පිණිස ක්‍රියා කිරීමය.
7. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පරාමාධිපත්‍ය බලය තිබෙන්නේ මහ ජනයාටය. එය මහජනයාට අහිමි කළ නොහැකි බලයක් බවද එහි සදහන් ය. එහි තේරුම රාජ්‍යයට පරමාධිපත්‍යය බලය ලැබෙන උල්පත ලෙස ක්‍රියා කරන්නේ මහජනයා බවය.
8. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් ජාත්‍යන්තර නීතිය අනුවත් ව්‍යවස්ථා සම්පාදනයට ප්රමුඛ අයතිය තිබෙන්නේ මහජනයාටය.
9. එකසත් ජාතින්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම ප්රඥප්තියේ 25 වැනි වගන්තියේ එන “පොදු කටයුතුවලට සහභාගිවීමට මහජනයාට තිබෙන අයිතිය” යන යෙදුම ගැන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවේ පාඨමය අධිකාරිය විසින් ලබා දී තිබෙන අර්ථකථනය වනුයේ “පුරවැසියෝ සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි අදහස් කරන අවස්ථාවන්හීද පොදු කටයුතු මෙහෙයවීමේ කාර්යයට ඍජු ලෙස සහභාගි වන” බවය. එහි තේරුම වනුයේ රටකට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වුවිට ව්‍යවස්ථාවක් හදා ගැනීමේ ප්‍රධාන අයිතිය තිබෙන්නේ මහජනයාට බවය.
10. මේ වන විට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේද දිගින් දිගට කෙළසීම නිසා සුජාත භාවය හා ක්‍රියාකාරි ශක්තිය අහිමි කර ගත් තත්වයක නිසා නව ව්‍යවස්ථාවක් නැතුවම බැරි තත්වයකය.
11. නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කිරීම සදහා ජනාධිපති රොමේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබුනි. මේ වන විට එම කමිටුව ව්‍යවස්ථාව කෙටුම්පත් කර එය ජනාධිපති හා කැබිනට් මණ්ඩලය වෙත ලබා දී තිබෙන බව වාර්තා වේ. එය ලබන වසරේ ජනවාරිවලදී පාරිලිමේන්තුවට ඉදිරි පත් කරන බව මීට දින කිහිපයකයට ඉහතදී විදේශ ඇමති ජී. එල්. පීරිස් ප්‍රකාශ කර තිබුණි. ආණ්ඩුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කල්පනා කරන ප්රජාතන්ත්ර විරෝධි අවලස්සන ස්වභාවය ඉන් තේරුම් ගත හැකිය.
12. ආසියානු මානව හිමිකම් කොමිෂමේ නිර්මාතෘවරයා (නීතිඥ බැසිල් ප්‍රනාන්දු) එම ව්‍යවස්ථා සම්පාදන ප්රයත්නය අර්ථ කථනය කර තිබෙන්නේ “සත් භාවයෙන් තොරව” හදාගන්නට යන “කූඨ ව්‍යවස්ථාවක්” ලෙසය. එම ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දර්ශනයට සේම ජාත්‍යන්තර නීතියටද මුළු මනින් පට හැනිය.
13. කූඨ ව්‍යවස්ථාවක් නීති ගත කරගැනීමට ඉඩදී බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළ හොත් ඉන් රටට විය හැකි විනාශය අති විශාලය.
14. කොහොමටත් මහජනයා ක්‍රියාකාරි ලෙස සම්බන්ධ කර ගැනීමෙන් තොරව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට හෝ පොදුවේ පාර්ලිමේන්තුවට තිබිය නොහැකිය. නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍යවී තිබෙනුයේ පරණ ව්‍යවස්ථාවේ අන්තර්ගතය ප්රජාතන්ත්රවාදී නොවන නිසා පමණක් නොව විටින් විට බලයට පත්වූ පාලක පක්ෂ පාර්ලිමේන්තුවේද සහාය ඇතිව ව්‍යවස්ථාව බෙලහීන කිරීමටද අක්‍රීය කිරීමට හේතුවන තරමටම දූෂණය ද කර තිබෙන නිසාය. ලංකාවේ සමාජ-දේශපාලන ක්රමයේ හා ආර්ථිකයේ ඇතිවී තිබෙන ගරාහැලීම, ජරාජීර්ණභාවය, අසමත්කම හා බංකොලොත්භාවය ඒ සියලු දෙනාගේ වගකීමෙන් තොර, දූෂිත, කොල්ල කාරී හා හිතුවක්කාරි ක්‍රියාවන්ගේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය හැකිය.
15. ලංකාව මහා අගාධයකට ඇද දමන ලද්දේ ඔවුන් විසින් නම් ඔවුන්ට ලංකාවේ ගැලවුම් කරුවන් වීමට තිබෙන අයිතිය කුමක්ද? බලයේ සිටින ආණ්ඩුව ලොකු ජන වරමක් ඇතිව බලයට පැමිණි ආණ්ඩුවක් වුවද මේ වන විට ආණ්ඩුව තිබෙනුයේ බලවත් මහජන අප්‍රසාදයකට ලක්වී සිටින තත්වයකය. ආණ්ඩුවේ පීඩාකාරි හා විනාශකාරි පාලනය ඊට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. බලයට පැමිණි පසු අපරාධ නඩු තිබුන නායකයින්ගේ නඩු ඉවත් කර ගැනීමට තරම් අශීලාචාර තැනකට ආණ්ඩුව ගියේය. ලබාදී තිබු පොරොන්දුවලට පටහැනිව යමින් 19 වැනි සංශෝධනය අහෝසිකොට නැවත ජනාධිපතිට හිතුවක්කාරි බලයක් ලබා දෙන 20 වැනි සංශෝධනය නීති ගත කරගත් ආණ්ඩුවක් ජනතාවට වඩා හොද ප්රජාතන්ත්රවාදි ව්‍යවස්ථාවක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැක්කේ කෙසේද?
16. ආණ්ඩුව සැලසුම් කර තිබෙන මෙම කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන පරාජය කළ යුතුය. ඒ සමග කාලකණ්නි භාවයේ පතුලටම ඇද දමා තිබෙන රට හා ජනතාව එම තත්වයෙන් මුදා ගැනීමට හේතුවන ලෙස ජාතිය ගොඩ නගා ගනිමින් රාජ්‍යය ද ප්‍රතිනිර්මාණය කරගැනීමට හැකි වන ලෙස ජනතාව කේන්ද්‍ර කරගත් ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක් දිනාගැනීමේ අවශ්‍යතාවක් ද පවතී.
17. මෙම “කූඨ ව්‍යවස්ථාව” සම්මත කර ගැනීමට ඉඩ දෙතොත් එය ලංකාවේ ඇතිවී තිබෙන ජරාජීර්ණ භාවය, අසමත් කම හා කාලකණ්නි භාවය වෙනස් කිරීම ඉතා අමාරු ගල්ගැසුනු තත්වයකට පත් කිරීමට හේතු වනු ඇත.
18. ලංකාවට අවශ්‍ය වී තිබෙනුයේ ඒකාධිපති ක්‍රමයක් හෝ ඒකාධිපති පාලකයෙකු හදන ව්‍යවස්ථාවක් නොව ප්රජාතන්ත්රවාදය හා නීතියේ පාලනය සහිත කිරීමට හේතුවන ව්‍යවස්ථාවකි.
19. කැබලි වී තිබෙන ජාතිය සමගි කොට සියලුම වාර්ගික, ආගමික, ලිංගික හෝ සංස්කෘතික කණ්ඩායම් වල අනන්‍යතාව, මනුෂ්‍ය ගෞරවය හා අයිතිවාසිකම් සහතික කරන රාමුවක් තුළ ලාංකේය ජාතිය ගොඩ නැගීම නව ව්‍යවස්ථාවේ වැදගත් අරමුණක් විය යුතුය. එසේම ජරාජීර්ණ, අසමත් හා බංකොලොත් තත්වයකට පත්ව තිබෙන ලංකා රාජ්‍යය එය වෙළාගෙන තිබෙන දුෂණය, ආකාර්යක්ෂමතාව, අධිකාරිවාදය හා පරපීඩාකාමය නැති කොට සියලු පුරවැසියන් ගේ ගෞරවයට හා අභිමානයට හේතුවන නීතියේ පාලනය මත ක්‍රියා කරන ප්‍රජාතත්‍රවාදි රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීම නව ව්‍යවස්ථාවේ තවත් වැදගත් අරමුණක් විය යුතුය.
20. ආණ්ඩුව කූඨ ව්‍යවස්ථාවක් නීතිගත කර ගැනීමට දරන උත්සහාය පරාජය කළ යුතුය. ඒ සමග සමස්ථ අර්බුදය ජයගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළත් මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් දිනාගැනීම සදහා ක්‍රියා කල යුතුය.
21. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබද විෂයේදී නෛතික හා සදාචාරාත්මක අර්ථයෙන් ආණ්ඩුව සිටින්නේ ශක්තිමත් තැනක නොව දුර්වල තැනකය. ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන, ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යය පිළිබද සංකල්පයටද, ජාත්‍යන්තර නීතියටද පටහැනිය. එම තත්වය බලවත් හා විචක්ෂණ ලෙස ප්‍රයෝජනය ගැනීමට සමත් වෙතොත් ආණ්ඩුව හිරකොට සමහර විට සහභාගි ව්‍යවස්ථා සම්පාදනයකට සුදුසු නෛතික රාමුවක් පවා දිනා ගැනීමට පුළුවන් කම ලැබිය හැකිය.
22. ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථාවට එරෙහිව කරන මහජන උද්ඝෝෂන වැඩසටහනකට අතිරේකව එම වැඩසටහනට ලොකු ශක්තියක් ලබා දෙන බලවත් මහජන නඩු කරයක් කරලියට ගත හැකිය. මෙය රටේ ව්‍යවස්ථාව පිළිබද ප්‍රශ්නයක් වන නිසා විසදාගැනීමට ලොකු ප්‍රශ්න හෝ දුක්ගැන්විලි තිබෙන පුද්ගලයන්ට හා කණ්ඩායම් වලට එවැනි නඩු කරයට පෙත්සම් කරුවකු හෝ පෙත්සම් කාර කණ්ඩායමක් ලෙස එක්තුවීමට ඉඩ දෙන රාමුවක් ඇති කර ගත හැකිය. නිදරශනයක් වශයෙන් පරිසරය පිලිබද ප්‍රශ්න තියෙන අයට පරිසරයට සිදුවී තිබෙන විනාශය පැහැදිලි කරමින් පරිසරයේ අරක්ෂාවට අවශ්‍ය දැක්මක් හා විදි විධාන සහිත ආණ්ඩු ක්‍රමයක් සදහා ව්‍යවස්ථා සම්පාදනයක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිය හැකිය. වාර්ගික ආගමික හෝ සංස්කෘතික අර්ථයෙන් දුක්ගැනවිලි තිබෙන අයටද තමන් විදින්නට සිදුවී තිබෙන හානි පැහැදිලි කොට තමන්ට යුක්තිය ඉටු කර ගැනීමට හේතුවන නව ආණ්ඩු ක්රමයක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිය හැකිය. පොහොර ප්‍රශ්නයෙන් හා වෙනත් ප්‍රශ්න වලින් පීඩා විදින ගොවීන්ටද තමන් ගේ ප්‍රශ්න විසදාගැනීමට හේතුවන කෘෂිකර්මය සදහා ජාතික ප්‍රතිපත්තියක් ඇති නව ආණ්ඩු ක්රමයක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිය හැකිය. ධීවරයන්ටද එසේ කළ හැකිය. ගුරුවරුන්ටද ඔවුන්ගේ දුක්ගැන්විලි සමග එම නඩුවේ කොටස් කරුවන් බවට පත් විය හැකිය. දෙමළ හා මුස්ලිම් ජනතාවටද ඔවුන්ට ගෞරවය, ආරක්ෂාව හා යුක්තිය ඉටුකිරීමට හේතුවන දර්ශනයක් හා විදි විධාන සහිත ආණ්ඩු ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටිය හැකිය. පාස්කු ඛේදවාචකයේ වින්දිතයින්ට ද ඔවුන්ගේ දුක් ගැනවිලි රැගෙන ඊට සම්බන්ධ විය හැකිය. සිංහල බෞද්ධයන්ටද ඔවුන්ට දුක්ගැන්විලි ඉදිරියට ගනිමින් ඔවුන් ගේ විශ්වාසයට, ගෞරවයට හේතුවන නව ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා සිටිය හැකිය. යහපත් ආණ්ඩු ක්‍රමයක් ගැන උනන්දුවක් දක්වන්නන්ටද තිබෙන ආණඩු ක්රමයේ දෝෂ දක්වමින් හා ඔවුන් ඉල්ලා සිටින ක්රමයක තිබිය යුතු මූලික ලක්ෂණ පැහැදිලි කරමින් නව ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා සිටිය හැකිය.
23. එම නඩු කරය ලංකාවේ අර්බුදය ජය ගැනීම සදහා සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් ඇතුළු ක්රමයේ යහපත් හා පූර්ණ විපර්යාසයක් ඇතිකිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දිනා ගැනීම සදහා මහජනයා කේන්ද්‍ර ගත කරගෙන කෙරෙන බලවත් නෛතික අරගලයක් බවට පත් කර ගතහැකිය. ඒ සදහා දේශිය අධිකරණයෙන් යුක්තිය ඉටු නොවේ නම් අභියාචනය ජාත්‍යන්තරයට (එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවට) ගෙන යායුතුය. මෙවැනි අසමත් තත්වයකට ඇද වැටුන රටක ජනතාවට සහභාගි ව්‍යවස්ථා සම්පාදනයක් ලබාගැනීමට තිබෙන අයිතිය ජාත්‍යන්තර නීතියෙන්ද ප්‍රබල ලෙස පිළිගන්නා බැවින් අවසාන විග්රහයේදී එවැනි නඩු කරයක් ආණ්ඩුවේ පැත්තට වඩා මහජන පැත්තට වාසිදායක වනු ඇත◼️
(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී. )