2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය (නීතීඥ ශිරාල් ලක්තිලක)

2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය (නීතීඥ ශිරාල් ලක්තිලක)

නීතීඥ ශිරාල් ලක්තිලක

ඉහත දත්ත විශ්ලේෂණයට අනුව මෙවර දෙවන මනාපය සඳහා අභිමුඛ විය හැක්කේ රනිල් පළමු වැනියා ලෙසටත්, සජිත් දෙවැනියා ලෙසටත් බව පෙනී යයි. ව්‍යවස්ථාවට අනුව තුන්වැනි, හතරවැනි අපේක්ෂකයන් දෙවන මනාප ගණන් කිරීමේ තරගයෙන් ඉවත් කරනු ලබයි. ඒ අනුව අනුර තුන්වෙනියා වුවහොත් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේය.

පළමු තර්කය:

ඉදිරි මැතිවරණය තුළ අනුර හෝ සජිත් හෝ රනිල්ට නිශ්චිතවම පළමු මනාපයෙන් ජයගන්න නොහැකි වනු ඇත.

දෙවැනි තර්කය;

ජයග්‍රහණය තීරණය වෙන්නෙ දෙවැනි මනාපයෙන් වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය.

නීතීඥ ශිරාල් ලක්තිලක

මාගේ දත්තමය විශ්ලේෂණය:

රටේ සිංහල ඡන්ද 75% කි. එනම් ලියාපදිංචි ඡන්ද ලක්ෂ 171 කින් 75% කි. සිංහල ඡන්ද ලක්ෂ 128 ට ආසන්න විය හැකිය. ඒ අනුව රටේ දෙමල (උ/නැ/උඩරට) හා මුස්ලිම් ඡන්ද ලක්ෂ 43 පමණ වන්නේය.(මේ පිළිබඳ නිශ්චිත සංගණනයක් නැත)

මෙවර ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 80% ක් වලංගු ඡන්දය භාවිතා කළොත් ඒ මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 140 විතර විය හැකිය. ඒ අනුව පළමු වටයේදීම දිනන අපේක්ෂකයාට ලක්ෂ 70 ක අවම ඡන්දයක් ලබා ගැනීමට සිදුවනු ඇත.

80% ක් වලංගු ඡන්දය තුළ සිංහල ඡන්ද විය හැක්කේ දළ වශයෙන් ලක්ෂ 112 කි. 80% ක වලංගු ඡන්දය තුළ දෙමල-මුස්ලිම් ඡන්දය විය හැක්කේ ලක්ෂ 34 කි.

අනුරට, සජිත්ට හා රනිල්ට තිබෙන ඡන්ද විභවය:

මේ සඳහා ආධාරක වෙන පළමු දත්ත සමූහය වන්නේ ගෝඨා විසින් ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද ලක්ෂ 69 ත්, 2018 ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පොහොට්ටුව ලැබු ඡන්ද ලක්ෂ 40 ත්ය.

ඒ අනුව ගෝඨා ලැබූ ඡන්දයෙන් ලක්ෂ 29 ක් පාවෙන ඡන්ද ලෙසත්, 40 ලක්ෂය පොහොට්ටු ඡන්ද ලෙසත් අනුමාන කරමින් ඉදිරියට ගියහොත්, පහත ලෙස උපකල්පනය කරන්නට හැකි වන්නේය:

  • ගෝඨා ලැබූ පාවෙන ඡන්දවලින් 90% ක් මාලිමාවට යනු ඇත.
  • පොහොට්ටුව ලැබු ලක්ෂ 40න් ලක්ෂ 15ක් පමණ පොහොටුවෙන් කැඩුණු විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වලට යනු ඇත. මෙහිලා ප්‍රධාන වන්නේ විමල්-ගම්මන්පිල කණ්ඩායම -කොප(මාතර), ලන්සා-අනුර කන්ඩායම සහ නිමල්-අමරවීර-දමින්ද කණ්ඩායම්ය. (මෙහිදී සජබයට පැමිණි පොහොට්ටු සාමාජිකයන්ට පොහොට්ටුවේ වාම-ජාතිකවාදී ඡන්දය උරාගත නොහැකි බවට උපකල්පනය කරයි)
  • ඒ අනුව පොහොට්ටුවට ලක්ෂ 25 ඉතිරි වන අතර රනිල්ගේ ආරම්භක ඡන්දය වන්නේ පොහොට්ටුවෙන් ලැබෙන එම ලක්ෂ 25 යි.
  • ඊට අමතරව ලන්සාගෙන් හා නිමල්-අමරවීර පිලෙන් ලැබෙන ඡන්දයත් එකතු වුවහොත් ඒ අනුව රනිල් තරග බිමට පිවිසෙන්නේ දළ වශයෙන් ලක්ෂ 30 ක් අතැතිවය.
  • මෙහිදී පොහොට්ටුව වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ ද, රනිල්ට පොහොට්ටුවෙන් ලැබෙන ඡන්දයෙන් 5% වඩා අඩු නොවනු ඇතැයි උපකල්පනය කරන්නෙමු. (ගම්පහ- ප්‍රසන්න, නුවර-අළුත්ගමගේ, වැනි පොහොට්ටු නායකයන් පොහොට්ටුවේ ඡන්ද රනිල්ට හරවා දෙනු ඇත)
  • අනුරට ලැබිය හැකි ආරම්භක ඡන්දය දළ වශයෙන් ලක්ෂ 35 කි. ( තමන් සතු 3% හා ගෝඨාගේ ලක්ෂ 29 න් 90%ක්)
  • සජිත් පාර්ලිමේන්තු මැතිවරණයේදී සිංහල ඡන්ද ලක්ෂ 27ක් ලබා ගන්නා ලදී.
  • ඉහත ගනන් බැලීම් අනුව සිංහල ඡන්ද 80%ක්, එනම් ඡන්ද ලක්ෂ 112 න් රනිල්ට ආරම්භයේදී ලැබෙන ලක්ෂ 30 හා අනුරට ලැබෙන ලක්ෂ 35 අඩුකළ විට ඉතිරි වන්නේ ඡන්ද ලක්ෂ 47 කි.
  • ඉන් තවත් ලක්ෂ 15 ක් රනිල්ට ලැබෙන්නේ යයි උපකල්පනය කළ හැකිය. එනම් පසුගිය මහමැතිවරණයේදී ඡන්දය නොදුන් ලක්ෂ 10 ක යුඑන්පී ඡන්ද දායකයන් හා අර්බුදෙයෙන් රටට ගොඩගත් රනිල්ට ලබාදෙන දෙන ලක්ෂ 5 ක ඡන්ද දායකයන්ය. ඒ අනුව රනිල්ගේ සිංහල ඡන්ද පදනම ලක්ෂ 45 දක්වා ඉහළ යනු ඇත.
  • ඒ අනුව රනිල්ට ලැබිය හැකි මුළු සිංහල ඡන්දය විය හැක්කේ ලක්ෂ 45 කි.
  • එවිට සිංහල ඡන්ද ලෙස ඉතිරි වන්නේ ලක්ෂ 32 කි. එම ඡන්දය සජිත් හා අනුර අතර සම සමව බෙදී ගිය ද, සජිත්ට ලැබෙන්නේ ලක්ෂ 43 කි. අනුරට ලැබෙන්නේ ලක්ෂ 51 කි.
  • මෙවර 50%+1 යනු ඡන්ද ලක්ෂ 70 කි.
  • ඒ අනුව ඡන්දයේ පළමු වටයේ ජයග්‍රාහකත්වය කවරකුට හෝ ලබා ගන්නට නම් එය හිමි කරගත යුත්තේ  දෙමල හා මුස්ලිම් ඡන්ද ලක්ෂ 34 මගිනි.
  • එම ඡන්දයට උරුමකම් කීමේ සම්භාවිතාව ඉහළින්ම ලැබෙන්නේ රනිල්ට හා සජිත්ට වන අතර ඒ අනුව පළමු වටයෙන්ම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව හිමිවන්නේ ලක්ෂ 44 සිංහල ඡන්ද ලබන සජිත්ට සහ ලක්ෂ 45 ක් ලබා ගන්නා රනිල්ටය.
  • දෙමල- මුස්ලිම් ඡන්ද ලක්ෂ 34 ක් නම් ඉන් 11% වූ උතුරු-නැගෙනහිර දෙමල ලෙසත්,  9%ක් වූ මුස්ලිම් ලෙසත්, 4%ක් වූ උඩරට දෙමල ලෙසත් ගිනිය හැකි වන්නේය. ඒ අනුව ලක්ෂ 25 ක උ/නැ දෙමල ඡන්දයක්ද, ලක්ෂ 6ක මුස්ලිම් ඡන්දයක්ද ලක්ෂ 4 ක උඩරට ඡන්දයක් ද තිබේ.
  • මේ ලක්ෂ 34 කෙලින්ම රනිල්ට හෝ සජිත්ට වැටෙනවා නම් සටන අවසන්. නමුත් එසේ වෙන්නේ නැත.
  • නැගෙනහිර හා වන්නියේ මුස්ලිම් ඡන්දවල වැඩි වාසිය හිමිව තිබෙන්නේ රනිල්ට බව පෙනේ. උපරිම ලෙස මුස්ලිම් හා උඩරට දෙමල ඡන්දය දෙකට බෙදුනේ වුව ද ලක්ෂ 3 හා 2 බැගින් වූ මුස්ලිම් හා උඩරට දෙමල ඡන්ද රනිල්ට සහ සජිත්ට ලැබුණ ද දෙදෙනාටම ලක්ෂ 70 ට ආසන්න වෙන්නට හැකි වන්නේ නැත.
  • එවිට තීරණාත්මක ඡන්දය වන්නේ උතුරු-නැගෙනහිර දෙමල ඡන්දයයි. එය ලක්ෂ 25 කි. පවතින තත්වය යටතේ එකී දෙමල ඡන්ද ලක්ෂ 25 ම ගෙඩි පිටින් රනිල්ට හෝ සජිත්ට ලැබුණ ද රනිල් හෝ සජිත් ඡන්ද 70 සීමාවට පැමිණෙන්නේ නැත. ඒ අනුව ජනාධිපතිවරණය තුළ දෙවන මනාපය ගැනීමට සිදුවේ.

දෙවැනි මනාපය පදනම්වු තර්කය:

ඉහත දත්ත විශ්ලේෂණයට අනුව මෙවර දෙවන මනාපය සඳහා අභිමුඛ විය හැක්කේ රනිල් පළමු වැනියා ලෙසටත්, සජිත් දෙවැනියා ලෙසටත් බව පෙනී යයි. ව්‍යවස්ථාවට අනුව තුන්වැනි, හතරවැනි අපේක්ෂකයන් දෙවන මනාප ගණන් කිරීමේ තරගයෙන් ඉවත් කරනු ලබයි. ඒ අනුව අනුර තුන්වෙනියා වුවහොත් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේය.

එවැනි ඡන්දයක බහුතර දෙවන මනාපයක් සලකුනු කරනු ඇත්තේ දෙමල හා මුස්ලිම් ඡන්දදායකයාගෙනි. සජිත්ගේ ඡන්දදායකයා රනිල්ට හෝ රනිල්ගේ ඡන්දදායකයා සජිත්ට තම දෙවන මනාපය භාවිත නොකරනු ඇත. මාලිමාවේ ඡන්දදායකයාද රනිල් හෝ සජිත්ට තම දෙවන මනාපය භාවිතී නොකරනු ඇත. ⁠ඉන් වාසිය ලැබෙන්නේ රනිල්ටය.

නමුත් ගෝඨාගේ ඡන්දයෙදී මෙන් අනුරට සිංහල දිස්ත්‍රික්ක 12 ක ඡන්දදායකයා 55%ක් ලෙස ඡන්දය භාවිත කළහොත් තත්වය සම්පුර්ණයෙන් වෙනස් වී දෙමල හා මුස්ලිම් බහුතර ඡන්දයෙන් තොරව අනුර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වනු ඇත.

එවැන්නක් අපට හැඳින්විය හැක්කේ Sea Change එකක් ලෙසටය. එයත් මෙවර ඡන්දය තුළ සිදුවිය හැකිය.

නීතීඥ ශිරාල් ලක්තිලක

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *