ෆේක්වාදය (දර්ශන අශෝක කුමාර)

ෆේක්වාදය (දර්ශන අශෝක කුමාර)

දර්ශන අශෝක කුමාර

ෆේස්බුක් ඔස්සේ ෆේක් මඟින් කළ හැකි බලපෑම ඉතා අවම තත්ත්වයකට පත් වී ඇති බව මගේ නිරීක්ෂණයයි. ෆේස්බුක් ෆේක්වාදය තවදුරටත් වලංගු දෙයක් නොවේ. කවුරුවත් ගණන් ගන්නා දෙයක් නොවේ.

Pen name හෙවත් ආරූඪ නාමයකින් ලිවීම පත්තර යුගයේ දී ඉතා ශක්තිමත් දෙයක් විය. මාර්ටින් වික්‍රමසිංහ පවා මයුරපාද යන ආරූඪ නාමයකින් ලිවීය. තමන්‍‍ගේ සැබෑ නමින් ලියා ගැනීමට නොහැකි වූ බොහෝ දේ මෙම ආරූඪ නාමවලට ලිවීමේ හැකියාව තිබිණ. මාර්ටින් වික්‍රමසිංහ පමණක් නොව මෑත භාගයේ දී රොහාන් පෙරේරා වැනි අය පවා කාන්තා නම්වලින් සඟරාවලට ලියන්නට විය. ඒවා බලපෑම් සහගත විය.

එහෙත් ෆේස්බුක් යුගය වන විට මෙය සපුරා වෙනස් වී තිබේ.

ෆේක් ගිණුමකින් කියන දේ කිසිවෙක් බැරෑරුම් ලෙස නොගනිති. බොහෝ විට විහිලුවට ලක් වන කරුණක් බවට පමණක් පත් වී තිබේ. සමාජ මාධ්‍ය ලැබූ විශාලතම ජයග්‍රහණයක් වන්නේ මෙම ෆේක්වාදයෙන් එළියට පැමිණීමට හැකි වීම යැයි මට සිතේ.

(ඡායාරූප – pinterest,)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *