නන්දන වීරරත්න
වසර කීපයක් නොපැවැත්වුණු යුරෝපා සිනමා උළෙල පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භවි ඊයේ [දෙසැම්බර් 05] අවසන් වුණා. යුරෝපයේ නව සිනමාව ලාංකිකයන්ට වාර්ෂිකව දකින්න්ට ලැබෙන හොඳම අවස්ථාව මෙයයි. අගනුවර තිබෙන නවීනතම සිනමාහලක [තරංගනී] නොමිලයේ පැවැත්වෙන මේ සිනමා දැක්ම සිනමා රසිකයන්ට වසරේ ලැබෙන අගනා ත්යාහයක් හැටියටයි පවතින්නේ. පුදුමයකට මෙන් මේ සිනමා දැක්මේ කොළඹට ආවේනික වූ විශේෂ ලක්ෂණ දෙකක් තියෙනව. ඉන් පළමු වැන්න, එකම මුහුණු සමූහයක් හැම වතාවකදිම මුලිච්චි වීම හා සිනමා ශාලාව අඩක් හිස්ව පැවතීම.
කොළඹ 07 කුරුදුවත්ත මැද්දේ තිබෙන මේ සිනමා ශාලාවේ සැබෑ මිලට සිනමාවක් දකින්නට ගියොත් රුපියල් 1500 විතර මිලක කෙනෙකුට ගෙවන්න සිදුවෙනව. එහෙම තියෙද්දී යුරෝපා නව සිනමාවේ සාරය රැගත් චිත්‍රපටි නොමිලේවත් බැලීම අගනුවර අසංස්කෘතික අසත්පුරුෂයන් හා අසත්ස්ත්රීන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? රටේ ප්‍රධාන මානව ශාස්ත්‍ර පීඨ දෙකක[කොළඹ හා සෞන්ද්ර්ය සරසවි] සිට හූවක දුරකයි ‘තරංගනියේ’ තිබෙන්නේ. සිනමාව විෂයයක් හැටියට උගන්වන කැලණිය සරසවියේ හා ජයවර්ධන පුර සරසවියේ සිට කිලෝ මීටර 10 අඩු දුරකින් ‘තරංගනිය’ තියෙන්නේ. ලයනල් වෙන්ටඩ්, දේවාර් සුර්යසේන හා සුර්ය ශංකර් මොල්ලිගොඩ වැනි නිර්මාණකරුවන් හා රසිකයන් ජීවත් වූ කුරුදුවත්තට ‘තරංගනියේ’ සිනමා තරංග නොදැනෙන්නේ ඇයි? එහි දැන් ජිවත්වෙන ‘බඩජාරීන්ට’ කලාව අරහං නිසා මෙවැන්නක් සිදුවෙනවා ද?
ලෝක ආර්ථිකයේ පරිවාරයේ තිබෙන බංකොලොත් වූ රටක කලා රසිකත්වය ගැන කතා කිරීම ‘යකඩ දා ගිය තැන පුළුන් සෙවීම’ වගේ මෝඩ වැඩක්. එහෙත් අපනයන වෙළදාම ප්‍රධාන සමාගම් 07 විසින් පාලනය කරන, රටේ විදේශ ආධායම් මේ රටට නොගෙනීම නිසාම බරපතල විදේශ විනිමය අර්බුධයකට මුහුණ දි සිටින රටක ධනවතුන්ට සින්න වූ කුරුදුවත්තේ [කොළඹ 07] ම මේ අසංස්කෘක ජිවිතය එළියට පැනීම එක අතකින් අරුමයක් නෙවෙයි. එයම අපට මෙහි වෙසෙන ලිබරල් ව්‍යාපාරික ප්‍රභූ පංතියේ ස්භාවය මෙන්ම එහි නිලධාරී තට්ටුව වීමට සුදානම් වන පරපුරේ කතාවත් තරංගනියෙන් කියවා ගන්න පුළුවන්.
මේ ‘සස්කෘතික හිඟනකමට’ උත්තර හැටියට රාත්‍රි පොදු ප්‍රවාහනයේ පවතින අන්ධකාරය, බස් ගාස්තු වැඩිකම හා මේ දිනවල හැන්දැවේ කොළඹ තියෙන තද වැස්ස ගේන්න පුළුවනි. ඒ වගේම මේ සිනමා උළෙලේ නායකයන් මේ තරම් ලාබ හා පහසු සමාජ මාධ්‍ය තිබිය දී එහි ප්‍රචාරය ‘හැඹිළියේ’ ගසා ගෙන සිටීමත් ඉදිරියට දමන්න පුලුවනි. උදාහරණයක කලා රසිකයන් හත් අටසීයක් මුහුණු පොතේ මිතුරන් අතරේ සිටින අප මේ සිනමා දැක්ම ගැන තොරතුරු දැන ගත්තේ සිකුරාදා හවසය. එවිට මෙබදු සිනමා දැක්මක් වැටෙන්නේ ‘බල්ලන්ට ලෙලි පොල්’ දැමීමකට ය. ‘ලෙලි ගසා ගන්න බැරි එවුන්ට’ පහසු ලෙස දේවල් ඉදිරිපත් කිරීමෙන් අඩුම තරමින් ‘ කටාරි ක්‍රමයට’ ශාලාවල් පිරවීමට හැකියි.
මේ සංස්කෘතික පරිහානිකට වඩා යමක් ය. දැන් කොළඹ හා තදාසන්න නගරවල සිටින්නේ ‘වෙන්දේසි ඉඩම්වල’ පදිංචිකාරයන් ය, මේ ‘වෙන්දේසි වතුවල පදිංචිකරුවෝ’ සින්නි මුස්ලිම්වරු වර්ගයේ ආගමික කණ්ඩායමකි. ඔවුන් වත්තේ පදිංචියට පැමිණි විගස කරන්නේ බුදු මැදුරක් ඉදිකිරීමය. එතැන් පටන් එතන සුන්නි වර්ගයේ තෙරවාදී ආගමික අන්තවාදයක් මතුවන්නේ ය. එහි ආරක්ෂකයන් වන්නේ ත්‍රී රෝද කුලි රථ සංගමයයි. මේ තත්වය කුරුදුවත්තේ ‘බඩජාරී ප්රභුන්ට’ අදාල නොවෙතත් ‘ලයනල් වෙන්ටඩ්ලා’ මියගිය පසු එහි පදිංචි වූයේ ද මේ වෙන්දෙසි වත්තේ වර්ගයේ ම නව නාගරිකයන් සමූහයකි. ඔවුන්ගේ ‘සුන්නි බුද්ධාගම’ පාරිබෝජනවාදයයි. ඉතින් අපිට තිබෙන්නේ බලා සිටීම පමනක් නොවේ ද?