දිනී ප්‍රනාන්දු
The Second Sex කියන පොතේ Simone de Beauvoir, කියනවා, “කාන්තාවකට විවාහය සහ මාතෲත්වය යනු දෙබිඩි ඉරණමක් ය” කියලා.

ගැහැණියකගෙ ජීවිතෙ ඉතාම වියවුල්කාරි මෙන්ම අර්බුධකාරි තත්වයන් වගේම ගැහැණියකගේ ජීවිතේ ඉතාම ප්‍රේමවන්ත වගේම සංතෘෂ්ටිදායී අත්දැකීමක් විදියට විවාහය සහ මාතෲත්වය ගැහැණියෙක් අත්දකිනවා.
රාණි කතාව පටන් ගත්දිම අපි මනෝරාණි තමන්ගේ දරුවාගේ මරණයට මුහුණ දුන්නු ගැහැණියක් බව වගේම ඇය විවාහයෙන් බැහැර උන ගැහැණියක් කියන එක දැනගන්නවා. මේ දෙබිඬි ඉරණම මනෝරාණිට කිසිම වෙලාවක ලේසි නොවුණ බව අපි මුළු රාණි චිත්‍රපටිය පුරාවටම ස්වර්ණාගෙ රඟපෑමක් නොවන රගැපෑම ඇතුලෙ අත්දකිනවා.

Shulamith Firestone, තමන්ගේ The Dialectic of Sex කෘතියෙ මෙහෙම කියනවා.
“ස්ත්‍රී පීඩාවේ හෘදය වස්තුව වෙන්නෙ දරුවන් දැරීම සහ දරුවන් ඇති දැඩි කිරීමේ කාර්‍යභාරය කියලා”
අම්මෙක් වෙන්නෙ කවුද? ඔබෙන් මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවොත් අම්මෙක් කියන එකට එකේක නිර්වචන ඒවී.
හැබැයි බහුතර නිර්වචන ඇතුලෙ ඔබටත් මටත් අම්මා ඇතුලේ අම්මා නොවෙන ගැහැණියෙක් ඉන්න වග අමතක වෙලා තියෙන්න සෑහෙන්න ඉඬක් තියෙනවා. ඒත් ගෑනියෙක් අම්මෙක් උනාට පස්සෙ ඒ ගෑනීට බහුතර අවස්ථා වලදි ගෑනුන්ට තමන්ව අහිමි වෙනවා.
ගෑණියෙක් දරුවෙක් දරන්න තීරණය කරපු මොහොතේ ඉඳන්ම ඒ ගෑනිට ඉරි කොටු ගහපු තනතුරක් අපි දෙනවා.හුගක් වෙලාවට සමාජය ස්වාස කරන්නෙ අපි ගැහැණුන්ට අම්මෙක් විදියට වඩා හොඳ නිසි තැනක් හොයලා දෙනවා කියලා, ඒත් ඇත්ත කතාව නම් අපි ගැහැණියව මර්ධනය කරනවා, පීඩාවට පත් කරනවා. අම්මාය කියන ටයිටල් එක දීලා වාඩිකරවලා තියනවා. ඒක ඉතාම උස තැනක් උනත්, ඉතාම මිටි තැනක් උනත්, එතනින් එහාට හිටගන්න බැරි විදියට, කෙලිදොලෙන් හැසිරෙන්න බැරි විදියට ගැගැණියව සීමා වෙනවා. සීමා කරනවා. ඇත්තම පීඩාව මීට වඩා ප්‍රභලයි.

මනෝරාණිව හුඟක් අයට අම්මෙක් වගේ නොපෙනෙන්නෙ ඒනිසා.
“තමන්ගේ දරුවා එක්ක ශොට් එකක් දාන”
“තමන්ගේ දරුවා සමරිසි පුද්ගලයෙක් කියලා දැනගත්තම ඉතාම නිවී සැනසිල්ලෙ ඒ ගැන අහන”
“ඉතාම කලබල කාලෙක පුතාගේ උවමනාවට එන කොල්ලො කුරුට්ටො නවත්තන්නෙ නැති”
“තමන්ගෙ පුතා මැරිලා කියලා දැනගෙන මෝචරියෙන් එලියට ඇවිල්ලා තනියම ඩ්‍රයිව් කරන් ගිහින් සිගරට් පැකට් එකක් ගන්න”
මේ සමාජය බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක් නෙමෙයි. සමාජෙ බලාපොත්තු වෙන්නෙ තමන්ගෙ දරුවො මැරුණම,
“නැට්ටෙන් මුහුදු හිදින, මී පුප් ලඳින් දරු නොලඳින් කියලා කෑගහන අම්මලා”
ඉතින් මනෝරාණි මේ අම්මලාගේ ලොකු පින්තූරෙට ටැලි වෙන්නෙ නෑ. මනෝරාණී මේ ලොකු පින්තූරේ ඇතුලෙ අර්බුධයක්, අඬ අඬ ගෙදරට වෙලා ඉන්නවා වෙනුවට ඇය සටන තෝරගන්නවා.
ඇගේ සටන, ඔබේ මගෙන් සටන් වලින් ඉතාම දුරයි සුඛෝපභෝගී වෙන නිසා අපිට ඒ සටන එච්චර දිරවන්නෙ නෑ. අපිට ඕනෙ කරන්නෙ අරගල කරන්න පවෙල් ගෙ අම්මෙක්, අපිට එලීට් මනෝරාණි ඉහළ තැන් වලට කෝල් අරන් කරන විප්ලවය, පොලිසියට ගිහින් තඟ දාලා කරන විප්ලවය දිරවන්නෙ නැත්තෙ ඒකයි.
ඉතින් බහුතරයකට හඳගමගේ රාණි එච්චරම අම්මෙක් නොවුනෙ ඒක නිසා.

ඒත්, වින්නඹු කාමරවල ගෑනු ප්‍රසූත වේදනාවෙන් අඬන හැටි අහන් හිටපු, ෆිනිශින් ස්කූල් ගිහින් ඉතාම විනයවත් ගෑනියෙක් වෙන්න බල කරපු පන්තියක ඉඳලත් තමන්ගේ ජීවිතේ වෙනුවෙන් දඟලපු, තරුණ වයසෙන් සැමියෙක් අතෑරපු, “සින්ගල් මාම්” කෙනෙක් වෙන එක ට්‍රෙන්ඩින් නොවුනු කාලෙක “සින්ගල් මාම්” කෙනෙක් උනු, ඉතාම එලීට් (Elite) පන්නයේ ජීවිතයක් ගත කරපු, තමන්ගෙ පුතා තමන්ගෙ යාලුවෙක් උන අම්මෙක්ට ඔය විවේචන අදාල නොවෙන වග තමයි මගෙ අදහස.
මොකද ඒ ගෑනිට දරුවෙක් උන්නය කියලා තමන්ට තමන්ව අහිමි උනේ නෑ. ඒ ඒ ගෑනිගේ ක්ලාස් එකේ හයිය. පීඩිත ගෑනියෙක්ට දැනෙන අම්මා කෙනෙක් වීමේ පීඩනය ඒ ගෑනිට දැනෙන ප්‍රමානය එයාගේ ක්ලාස් එක සහ විප්ලවකාරී ගතිය නිසා මඟෑරෙනවා. ඇත්තටම ඒ ගෑනිට තමන්ව අහිමි උනෙ තමන්ගෙ දරුවා මැරුණම.
එතනින් එහාට යාන්ත්‍රිකව සිද්ධ හැමදෙයක්ම එක්ක මනෝරාණිගෙ ජීවිතේට මොකද උනේ කියලා ඔබ මම දැන් දන්නවා.

“O Absalom — My Son!”
මනෝරාණි රිචඩ්ගෙ අවසන් කටයුතු වෙලාවෙදි කරන කතාවේදි තමන්ගෙ කටේ ඒ දවස් වල වැඩියෙන්ම තිබුණ බයිබල් පාඨය කියනවා.
ඒ ගැන හෙව්වම, ඒ බයිබල් පාඨයේ ඉතුරුටික මට හම්බ වෙනවා. ඇබ්සලම් , කියන තමගෙ මැරුණ පුත්‍රයා මල බව දැනගෙන ඩේවිඩ් රජතුමා,
“O my son Absalom, my son, my son Absalom! would I had died for thee, O Absalom, my son, my son!”

“අහෝ මාගේ පුත්‍ර අබ්සලොම්, මගේ පුතේ, මගේ පුතේ, උඹ වෙනුවට මැරෙන්න තිබ්බෙ මං. අහෝ මගේ පුතේ.”
කියලා කියනවා.
මනෝරාණි අම්මා ඒ සම්පූර්ණ පාඨයම කියන්නෙ නෑ ඒ වෙනුවට, එදා ඒ රිචර්ඩ්ව වෙනුවට එතනදි මට මැරෙන්න තිබුණා කියලා කියනවා.
අම්මෙක් ජීවිතයක් පුරාවටම දරුවෙක් දරනවා, ඒක දරුවා මැරුණා, විපතට පත් උනා කියලා නවතින්නෙ නෑ. අම්මා කියන්නෙ නාම පදයක් හෝ විශේෂණ පදයක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. අම්මා කියන්නෙ ක්‍රියා පදයක්. මව්වත් කම කියන්නෙ මේ එන පීඩනේ දරන්න ලැබෙන ශක්තිය. ඒක මුළු චිත්‍රපටිය පුරාම මනෝරාණිට තිබ්බ වග අපිට හඟවනවා.
දරුවෙක් මැරුණම අම්මෙක් අඬන්නෙ නැතිව ඉන්නවා දැකීම ප්‍රේක්ශකාගාරයට, තමන්ගේ රහසිගත පෙම්වතා මල වග දැක්කම අඬන අම්මා අර්බුධයක්. ඒක එච්චර සෙට් නෑ. සමාජේ කියනවා. ඒත් ඒකට රැශනල් එකක් තියෙනවා කියලායි මම විස්වාස කරන්නෙ.

තමන්ගෙ දරුවා මැරුණම් අම්මෙක්ට මම අර කලින් කිව්ව ඒ වෙනුවෙන් අර වාඩි කරපු තැනින් නැගිටින්න වෙනවා. ඒ කොට හෝ උස බංකුවට වෙලා ඇයට නැවතිලා ඉන්න වෙලාවක් ලැබෙන්නෙ නෑ.එයාට ලෝකේ එක්ක දුවන්න වෙනවා. එයාට හයියට ඉන්න වෙනවා. ඒත් තමගේ ජීවිතේ ගැන බලාගත්තු පෙම්වතෙක් මැරුණම ගෑනියෙක්ට තමන්ගෙ හයිය පොඩ්ඩක් හෙලවෙනවා දැනෙනවා. ඒක අම්මෙක්ට උනත් එච්චරයි. ඇය අර තමුන්ව වාඩි කරවපු තැන වාඩි වෙලා තමන්ගෙ ඉස්පාසුව ගන්නවා.
හඳගමට අහුවෙච්ච රාණි හරි මනුස්ස වෙන්නෙ එතනින්. දරුවා මලහම අඬන්නෙ නැති, පෙම්වතා මලහම අඬන ගෑනු අමනුස්ස නොවෙන්නෙ ඒ බර තේරුනොත් විතරයි.

මම මේ සටහන Toni Morrison, Beloved කියන කෘතියේ සටහනකින් ඉවර කරනවා.
වැඩිහිටියෙක් යන්නෙන් කිසිවක් අම්මෙක්ට අරුත් නොවේ, දරුවන් ලොකු මහත් වේ, වයස්ගත වේ. එහෙත් වැඩිහිටියෙක් යන්නෙන් කිසිවක් මවකට අරුත් නොගැන්වේ.
දරුවන් ලොකු වෙන, වයසට යන මැරෙන දවසටත් අම්මෙක්ට දරුවෙක් දරුවෙක්ම විතරයි.
(ලේඛිකාවගේ ෆේස්බුක් සටහනකින් උපුටා ගැණිණි)