නූතනත්වය යනු කුමක්ද? (පළමු කොටස)

නූතනත්වය යනු කුමක්ද? (පළමු කොටස)

නිල්මාල් රංජිත් දේවසිරි

මගේ පිළිගැනීම වන්නේ කෘෂිකර්මය ආරම්භ වීමට පසු මානව ඉතිහාසයේ ඇති වූ බලපෑම්සහගතම සිදුවීම වන්නේ නූතනත්වය බවයි. කෘෂිකර්මය ද අසහනයන් ජනිත කලේය. කෘෂිකාර්මික ජීවිතය ප්‍රතික්ෂේප කළ ජනයා ශිෂ්ටාචාරයෙන් බැහැර විය. නමුත් මෙම බාහිරත්වය නඩත්තු කිරීම පහසු නොවීය.

නූතනත්වය නිසා ඇති වී ඇති අසහනය නූතනත්වයෙන් පිටතක් නිර්මාණය කිරීමට යොදාගැනීම ද ඒ තරම්ම ගැටලු සහගත ව්‍යායාමයකි. නූතනත්වයෙන් පිටතක් ඇත්නම් ඒ ඇමේසන් වනාන්තරයේ සැගවී ජීවත් වන කුඩා ජන කණ්ඩායම් වැනි පිරිස් පමණක් විය හැක. ඇමේසන් වනාන්තරය කැපීම නිසාද, ඒ ජනකොටස් දෙස ගුවනින් ගොස් බැල්ම හෙළීම නිසාද ඒ අයට පවා නූතනත්වයෙන් ගැලවීමක් නැත.

(මහාචාර්ය නිල්මාල් දේවසිරි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *