නූතනත්වය යනු කුමක්ද? (දෙවැනි කොටස)

නූතනත්වය යනු කුමක්ද? (දෙවැනි කොටස)

නිල්මාල් රංජිත් දේවසිරි

නූතනත්වයේ වැදගත්ම අංගය වන්නේ “මනුෂ්‍යයා“ සොයා ගැනීම සහ මනුෂ්‍ය විෂය උත්කර්ෂයට නැංවීමයි. සාමාන්‍යෙයන් ක්‍රිස්තියානි චින්තනය තුළ මනුෂ්‍යයා සැලකුණේ ආරම්භක පාපකර්මයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව මනුෂ්‍යත්වය තුළ උත්කර්ෂයට නැංවීමට දෙයක් තිබුණේ නැත. නමුත් නූතනත්වයට මුල් වූ පුනරුද කලාව තුල මනුෂ්‍යයා උත්කර්ෂයට නංවන ලදි. ගෝලායත් පරාජය කළ කුඩා ඩේවිඩ්ගේ අලංකාර සිරුර මූර්තිමත් කළ මයිකල් ආන්ජලෝගේ ඩේවිඩ් ප්‍රතිමාව පිළිබද කතාව ප්‍රකටය.

බයිබල් කතාවේ ඩේවිඩ් ගෝලායත් පරාජය කලේ දෙවියන්වහන්සේගේ උපකාරයෙන් වුවද මයිකල් ආන්ජලෝගේ ඩේවිඩ් තමන්ගේම ශක්තියක් සහිත මනුෂ්‍යෙයකි.

ඉන් පසුව මේ මනුෂ්‍යයා සතුව තමන්ගේම වූ කාරකත්වයක්, එනම් විචාර බුද්ධියක් ද පවතින්නේය යන අදහස වර්ධනය විය. නූතනත්වයේ පදනම මේ පිළිගැනීමයි.

(මහාචාර්ය නිල්මාල් දේවසිරි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *